gossip lanka

මිල කළ නොහැකි රන් අබරණ තොගයක් රේගුවේදී අත්අඩංගුවට

වටිනාකම ගණනය කළ නොහැකි රන් ආබරණ තොගයක් බැංකොක් සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ බණ්ඩාරගම ව්‍යාපාරිකයෙන් ගුවන්තොටුපොළ රේගුවෙන් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.

‘ග්‍රීන් චැනල් පිටවුමෙන්‘ (රේගුවට භාණ්ඩ ප්‍රකාශ නොකරන පිටවුමෙන්) එළියට යෑමට තැත් කරද්දී ඔහු අල්ලාගෙන තබේ.
කාන්තා පාහවහන් බෑගයක පතුලේ සඟවා තිබූ රණ් ආබරණවල මැණික් හා දියමන්ති ඔබ්බවා ඇතැයි ද, එනිසා වටිනාකම ගණනය කළ නොහැකි යැයි ද රේගු ආරංචි කියයි.
ගුවන්තොටුපොළ රේගුවෙන් අත්අඩංගුවට ගත් වැඩිම වටිනාකමක් ඇති රන් ආබරණ තොගය මෙය බව සැලකේ.

gossip lanka