gossip lanka

තාත්තාගේ අවවාදයෙන් 17 හැවිරිදි දියණියට අත්වූ ඉරණම

තාත්තා අවවාද කළායැයි සිත පෑරුණු 17 හැවිරිදි පාසැල් ශිෂ්‍යාවක් වස පානය කර මියයාමේ සිද්ධියක් බදුල්ල මහ රෝහලේදී පැවති හදිසි මරණ පරීක්ෂණයකින් අනාවරණය විය.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ඌව පරණගම, මැදවෙල, උඩුකිඳ පදිංචිව සිටි දැරියකි.

ඇය මැදවෙල මහ විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි.

හදිසි මරණ පරීක්ෂණයේදී සාක්කි දුන් ඇගේ පියා පවසා සිටියේ මල්ලිගේ පොත්පත් ඇද්දා යැයි තමා දියණියට අවවාද කිරීමෙන් පසු තමා දියණියට අවවාද කිරීමෙන් පසු ඇය සිත පෑරි කල්පනා කරමින් සිටි බවයි.

තමා වැඩට දෙදෙනෙක් සෙවීම සඳහා නිවෙසින් පිට ගිය අතර බිරිය ජලය ගෙන එම සඳහා ළිඳට ගිය අවස්ථාවේ දියණිය කිරි තේ එකකට වස දමා පානය කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ඉදිරිපත් වූ සාක්කි හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා මෙය වස පානයෙන් සිදුවූ සියදිවි නසා ගැනීමක් බවට තීරණය කළේය.

gossip lanka