gossip lanka

ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු ධූරය පිළිබඳ මහේල කතා කරයි

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දීර්ඝ කාලීන කටයුතු කිරීමට තමාට හැකියාවක් නැතැයි මහේල ජයවර්ධන පවසනවා.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු නායක  මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට විශ්වාසක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

නමුත් මහේල ජයවර්ධන ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම තුල සටහනක් තබමින් පවසා ඇත්තේ තමන්ට එවැනි අදහසක් නොමැති බවත් තමන්ගේ වැඩි අවධානය මේ වනවිට යොමුව ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකාර තනතුර සහ කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකාර තනතුර සදහා පමණක් බවයි.

gossip lanka