gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වනාන්තර වනසන්න කැබැනට් අනුමැතිය

තබ්බෝව අභය භූමියට හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 175 ක් නීති විරෝධී ලෙස එච්.වී.ඒ. ෆුඞ් සමාගම යටතේ ක්‍රියාත්මක වන එච්.වී.ඒ. ෆාම් වගා ව්‍යාපෘතිය සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මැදිහත් වීමෙන් පසුගිය 20 වැනිදා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එදිනම මේ සදහා අනුමැතිය ලැබී ඇත.


මෙය රවී කරුණානයකගේ උපදෙස් මත සහ රොහාන් ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් පවත්වාගෙන යයි. රොහාන් ප්‍රනාන්දු යනු සරත් අමුණුගමගේ බෑනාය.

පලතුරු ගොවිපොළක් ලෙස පවත්වාගෙන යන මුවාවෙන් සංචාරක හෝටල් ඉදිකර මෙය සංචාරක කලාපයක් බවට පත් කිරීමේ යටි අරමුණ ඇතිව මෙම ඉඩම් ලබාගෙන ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

පුත්තලම වනාත විල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාල්මඩුව ග්‍රාම නිලධාරි වසමේ අච්චිමලේ ප්‍රදේශය ආශ්‍රිතව මෙම ගොවිපොළ පිහිටුවා ඇත.

නීති විරෝධී ඉඩම් ලබාදීමත් සමග තබ්බෝව අභය භූමිය සහ වීරප්පුඩිචෝලෙයි වන සංරක්ෂිතයට අයත් වන භූමියද මෙම සංහාරයේ ගොදුරක්ව ඇත.

තවද විල්පත්තුව ජාතික වන උද්‍යානයේ දකුණු මායිම වන, කලා ඔය හා සම්බන්ධව ඇති වන උද්‍යානයේ ප්‍රේරක කලාපයේ පිහිටි රක්ෂිතයෙන්ද ඉඩම් ලබා දී ඇත.

මෙම නීති විරෝධී කැබැනට් අනුමැතිය ලබාදී ඇත්තේ අණපණත් කිහිපයක් උල්ලංඝනය කරමිනි.
ඒ අනුව සත්ත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත,වයඹ පළාත් පරිසර ප‍්‍රඥප්තිය සහ පුරාවස්තු ආඥා පනත උල්ලංඝණය කර ඇත.

2001 වසරේදී පුත්තලම දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක කමිටුව මගින් මෙම නීති විරෝධී ඉඩම් මංකොල්ලය සහ පරිසර විනාශය පිටු දක්මින් නඩු පැවරු අතර එහිදී විකල්ප ඉඩම් ලබා දෙන බවට තීරණය කෙරිණි.

නමුත් විකල්ප ඉඩම් ලෙස මෙම වනාන්තර කොටස්ම ලබා දීම විසදුම නොවන බව පරිසරවේදීන් පවසයි.තවද හානිය නිසා වන සංරක්ෂිතයේ වටිනාකම් නැති වී ගොස් සාමාන්‍ය ජනතාව පවා ඉඩම් අල්ලා ගැනීමේ අවදානමක්ද ඇත.

මෙම වන සංහාරයේ ප‍්‍රතිඵලයක් ලෙස වන පෝෂක කොටස් විනාශ වීම, අලි ඇතුළු අනෙකුත් සතුන්ගේ වාසස්ථාන විනාශ වීම, වගාවන්ට අවශ්‍ය වතුර සිදීයාම ඇතුළු ගැටළු රැසක් උද්ගත වන බව පවසන පරිසරවේදීන් මේ සදහා කඩිනම් විසදුම් ලබා ගත යුතු බවද අවධාරණය කරයි.

තබ්බෝව අභය භූමිය හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතය තුළ එච්.වී.ඒ. ෆාම් වගා බිම පිහිටා ඇති ආකාරය























වගා බිමෙන් හමු වූ පුරාවස්තු












































































වගා බිමේ ස්ථාපිත කර තිබූ රක්ෂිතයේ මායිම් කණු (මේ වන විට ඉවත් කර ඇත)



























වගා බිමේ පිවිසුම




























අද වන විට ඉවත් කර ඇති වගා බිමේ ස්ථාපිත කර තිබූ පුවරු




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka