gossip lanka

තරුණ නීතිඥවරියකට වැඳ සමාව ගන්න වුණු අපූරු සිදුවීම

57 හැවිරිදි විවාහක පුද්ගලයෙකු තරුණ නීතිඥවරියකට වැඳ සමාව ගත් පුවතක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වනවා.

සිද්ධිය මෙසේයි.

දුම්රියේ ගමන් ගන්නා අවස්ථාවේ සිය ජංගම දුරකතනයෙන් තරුණ නීතිඥවරියකගේ ඡායාරුප ගැනීම ගැන ඔහුට විරුද්ධව ඇය පැමිණිලි කර තිබුනා.
පසුව අධිකරණය විත්තිකරුට අවුරුදු 5කට අත්හිටුවූ වසරක සිර දඬුවමක් හා රුපියල් 1500ක දඩයක් නියම කළා.

පසුව අද (30) විවෘත අධිකරණයේදී තරුණ නීතිඥවරියට වැඳ සමාව ගත්තා.

gossip lanka