gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් අය දන්දෙන පන්සලේ බෝ මළුවේ රාමදාන් සැමරුම (PHOTOS)

මුස්ලිම් ජනතාව බෝ මළුවක් කරා පැමිණ රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් ආගමික උත්සවය සැමරූ අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තාවනවා. මේ සුවිශේෂී අවස්ථාව දක්නට ලැබුණේ අම්බලන්තොට බෝලාන උච්චාවාලික පුරාණ රජ මහා විහාරයේදීය.

විහාරාධිපති හිමියන් වන බැරගම නන්දසිරි හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ ආශීර්වාදය සහ බෞද්ධ දායක දායිකාවන්ගේ පූර්ණ දායකත්වය සහිතව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඉෆ්තාර් උත්සවය මෙසේ සැමරීය.
"අපේ ගමේ මුස්ලිම්, සිංහල, දෙමළ යන ජන වර්ග තුනම ජීවත් වෙනවා. ගමේ ඉන්න මුස්ලිම් අය පන්සලට දානය දෙනවා. අපිත් හිතුවා ඒ ආගමික සහජීවනය වැඩිවෙන්න ඔවුන්ගේ ආගමික උත්සවයන් පන්සලේ සමරන්න."

සිය ජීවිතයේ ප්‍රථම වතාවට මෙවැනි අවස්ථාවකට සහභාගි වූ බව ශ්‍රී ලංකා තබ්ලික් ජමාත් සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක ටී ආර් වන්සාර් පවනවා. "මේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ජනතාව එකතුවෙලා සියලුම මිනිසුන් එකයි කියල ඔප්පු කළා. මෙවන් ස්වාමින් වහන්සේලා ගම්වල ඉඳලා සමාජය හැදුව නම් සමාජයේ ගොඩක් දුරට ප්‍රශ්න නෑ,"

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka