gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිංගගේ ප්‍රකාශය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ඇවිලෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පවතින ගිවිසුම් කඩ කරමින් මාධ්‍යයට අදහස් දක්වා මතභේදාත්මක කරුණු ප්‍රකාශ කිරීම ඔහුට එරෙහිව මෙසේ විනය පරීක්ෂණයක් පැවැත්වීමට හේතුව වී තිබේ.

මාලිංග අවස්ථා දෙකකදී එසේ කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා නීතිවේදී අසේල රැකව විනය කමිටුව නියෝජනය කරන අතර, එහි සභාපති ලෙස අසේල රැකව මහතා කටයුතු කරයි.

මේ පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ඉල්ලා අස්වීම, ජාතික කණ්ඩායම සඳහා අතුරු පුහුණුකරුවෙකු පත්කිරීම, 23න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලිය හා සිම්බාබ්වේ කණ්ඩායමෙ ශ්‍රී ලංකා තරග සංචාරය පිළිබඳව සකච්ඡා කිරීම සඳහා අද (27) රාත්‍රී 7.00ට විශේෂ විධායක කමිටු රැස්වීමක් කැඳවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka