gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රවීගේ අභියෝගය බන්දුල බාරගනියි

රවී කරුණානායක මහතා විසින් ඊයේ(26) දිනයේ දී සිදු කරන ලද අභියෝගය බාර ගන්නා බවත් මුලික කරුණු 3ක් පාදක කර ගනිමින් ඒ බව ප්‍රකාශ කරන අතර ඒ සඳහා අදාළ කරුණුවලට මඩ ප්‍රහාරවලින් තොරව පිළිතුරු ලබා දෙන ලෙස ද ඒකාබද්ධ විපක්ෂය විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් ඉල්ලයි.

අද(27) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් කියා සිටියේය.


අස්ගිරි නාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් රවී කරුණානායක මහතා විශ්වසනීය ලෙස රජය පවත්වාගෙන යන අතර සතයක හෝ වෙනසක් තිබේනම් පෙන්වන ලෙසද බන්දුල ගුණවර්ධන මහතාට අභියෝග කර සිටියේය.

ඒ අනුව ලොතරැයි මණ්ඩල පනත මඟින් මුදල් විෂයබාර අමාත්‍යවරයා පිළිබඳ පැහැදිලි නිර්වචනයක් සිදු කර තිබියදීත් විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ලොතරැයි මණ්ඩලය මෙහෙයවීමේ නීතියානුකූලත්වය පිළිබඳ බන්දුල ගුණවර්ධන මහතා මෙහිදි පළමු කරුණ ලෙස ඉදිරිපත් කළේය.

එමෙන්ම පසුගිය 1429 වන ගොවිසෙත දිනුම් ඇදීමේ දී ලොතරැයි පතක් සඳහා නියමිත මිලක්, දිනයක් හෝ දිනුම් වාරයක් පිළිබඳ සඳහනක් නොවු බවත් ඒ සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ල විභාග කර එහි පරීක්ෂණ වාර්තාව හැකි නම් ඉදිරිපත් කරන ලෙසත් දෙවන කරුණු ලෙස ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.

අවසන් වශයෙන් පසුගිය 2016 කාර්ය සාධන වාර්තාවට අනුව අයවැය තුළින් ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය සඳහා වෙන් කළ විශාලතම මුදල වශයෙන් රුපියල් බිලියන 203 ක මුදලක් වෙන් කර තිබුණ ද එහි සත්‍ය වියදම බිලියන 65 ක් ලෙස දක්වා ඇති අතර වෙන් කළ මුදල වියදම් කළ මුදල මෙන් දෙගුණයක් වන බැවින් රවී කරුණානායක මහතා පවසන ආකාරයට සතයක් හෝ වෙනසක් සිදුව නොමැති නම් ඒ බව තහවුරු කර පෙන්වන ලෙස ද බන්දුල ගුණවර්ධන මහතා අභියෝග කරමින් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka