gossip lanka

සෙල්ෆියක් තවත් තරුණයෙකුට මරු කැඳවූ හැටි

අරණායක දෝතල්ඔය නැරඹීමට ගොස් සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයෙකු ඇල්ලෙන් ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි සේනක මදුරංග නමැති අයෙක්.

මෙම තරුණයා තවත් යහළුවන් හත් දෙනෙකු සමග දෝතල්ඔය නැරඹීමට ගොස් ඇති බවත් එහි තිබු පාලමක් අසල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් පාලමෙන් ඇද වැටි බරපතල තුවාල ලබා මියගොස් ඇති බවත් පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ මෙලෙස සෙල්ෆි ඡායාරූප ගත් ස්ථානය අධික ලෙස ලිස්සන ස්ථානයක් බවයි.
gossip lanka