gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වෙයි

ලාංකික ශ්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳ දැඩි ඕනෑකමකින් සොයාබලන බව දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති මහාචාර්ය පාක් යොන් බුම් මහතා ඊයේ (28) කොළඹදී පැවසීය.

මෙරටට පැමිණ සිටින දකුණූ කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ඊයේ  (28) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමෙන් පසු මෙම අදහස් පළ කළේය.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ශ්‍රී  ලාංකික ශ්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක් මේ වන විට උදා කර දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තමන් සිය ස්තූතිය පළ කරන බවයි.
දැනට ශ්රීන ලාංකික ශ්රපමිකයින් 6000ක් පමණ වාර්ෂිකව දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා පිටත්ව යන අතර මේ වන විට ශ්‍රී  ලාංකිකයින් 26 000ක් පමණ එරට සේවයේ නිරතව සිටින බවද ජනාධිපතිවරයා සිහිපත් කර ඇත.

දකුණු කොරියාවේ ගොඩනැඟිල්ලක සිදුවූ ගිනි ගැනීමකදී ශ්‍රී ලාංකික තරුණයකු කොරියානු කාන්තාවකගේ දිවි බේරා ගැනීමේ සිදුවීම පිළිබඳවද සභාපතිවරයා මෙහිදී සිහිපත් කර ඇති අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දක්ෂතා හා හැකියා පිළිබඳව දකුණු කොරියානු ජනතාව දැඩි ප්‍රසාදයකින් පසුවන බවද කියැවිණි.

(තිළිණි ද සිල්වා )
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka