gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටැක්සි ඩ්‍රයිවර්ගේ වනචරකම නිසා ආපු වැඩෙයි යට ඇඳුමයි දෙකම අමතක වෙලා

නිවසක් කොල්ලකෑමට පැමිණි හොරෙක් කොල්ලයට ප්‍රථම සිය විකෘති ලිංගික අසාවන් සපුරා ගනිමින් සිටියදී හදිසියේ නිවැසියන් පැමිණීම නිසා බියට පත් වී ඔහුගේ යට ඇඳුමද දමා පලායාමේ පවතක් කඳාන රිලවුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොලීසියට වාර්තා වී ඇති ආකාරයට නිවෙසේ හිමිකරුවා හා හිමිකාරිය පසු ගිය  (26) උදැසන රැකියාවට යාම සඳහා කඳාන දුම්රිය පොලට යාමට නිවෙසින් එළියට පැමිණ ඒ මොහොතේ මාර්ගයේ පැමිණි ත්‍රිරෝද රථයක් නවතාගෙන දුම්රියපලට පැමිණ ත්‍රිරෝදරථ රියදුරුට මුදල් දී පිටත් කර යවා තිබේ.
කෙසේ වෙතත්, දුම්රිය පැමිණියද මගීන් පිරී සිටීම හේතුවෙන් ඔවුන්ට දුම්රියට නැඟ ගැනීමට නොහැකි වී ඇති අතර ඒ නිසා මෝටර් රථයෙන්ම රැකියාවට යාම සඳහා දෙදෙනාම නැවත නිවසට පැමිණ ඇත.

නිවෙසට එද්දී ඔවුන් දැක ඇත්තේ තමන්ව දුම්රිය පොළට රැගෙන ගිය ත්‍රිරෝද රියදුරු නිවෙසේ සිට ඔවුන් දැක දිව යන ආකාරයකි. ඔහුගේ ත්‍රිරෝද රථයද නිවෙසේ මිදුලේ නවතා තිබෙනු දුටු යුවළ ඒ බව කඳාන පොලීසියට දැනුම් දී තිබේ.

පොලීසිය නිවසට පැමිණ සිටියදී සැකකාර ත්‍රිරෝද රථ රියදුරාද කොණ්ඩය, රැවුල කපා වෙස් මාරු කරගෙන ත්‍රිරෝද රථය රැගෙන යාමට පැමිණ ඇති අතර ඒ මොහොතේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.

පොලීසිය සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුගේ මේ ක්‍රියාවේ සුලමුල අනාවරණය වී ඇති අතර, තමන් නිවෙස කොල්ලකෑමට පැමිණ ඊට ප්‍රථමයෙන් නිවෙසේ හිමිකාරියගේ යට ඇඳුම් ඇඳ මතට දමා නිරුවතින් එදෙස බලමින් සිය විකෘති අසාවන් සපුරා ගත් බවත්, ඒ සමඟ නිවැසියන් එනු ඇසී කොල්ලය අමතක වී තමන්ගේ යට ඇඳුම්ද දමා පළා ආ බවත් පාපොච්චාරණය කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka