gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාව ලෝක කුසලානයේ අවදානම් තැනකට පත්වේ

චැම්පියන්ස් කුසලාන තරගාවලිය අවසානයත් සමග අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීමේ නවතම අනුපිළිවෙළට අනුව ශ්‍රී ලංකා පිල අටවැනි ස්ථානයට පත්වීම කිසියම් අනතුරක සේයාවක්  පෙන්නුම් කරන්නක් බව විචාරකයන් පවසනවා.

ඒ, 2019 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබිමේ අවදානමක් ද ඇති නිසයි.
එක්දින ලෝක කුසලානය සඳහා සත්කාරක එංගලන්තය ඇතුළු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් හත නිසැකයෙන්ම සුදුසුකම් ලබනවා.

එළැඹෙන සැප්තැම්බර් 30දාට යාවත්කාලීන කරනු ලබන අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථාන අට ස්ථිරවම සුදුසුකම් ලබන අතරේ අනෙක් කණ්ඩායම් සඳහා සුදුසුකම් ලැබිමේ තරගාවලියකට මුහුණදීමට මුලින් සිදුවනු ඇති.

අටවැනි ස්ථානයට ශ්‍රී ලංකාව එනවිට 7 වැනි ස්ථානයට බංග්ලාදේශය ද, හයවැනි ස්ථානයට චැම්පියන්ස් කුසලාන ශූරයින් වූ පාකිස්තානය පත්ව තිබෙනවා.

කෙසේ වුවත් සැප්තැම්බර් 30ට පෙර සිම්බාබ්වේ සමග එක්දින තරග 5ක් හා ඉන්දියාව සමග එක්දින තරග 5කට ශ්‍රී ලංකා පිල ශ්‍රී ලංකාවේ දී මුහුණ දීමට නියමිතයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka