ආසියාවේ පළමු ගුවන්විදුලි නාලිකාව මෙන්ම ලෝකයේ සිව්වන ජාතික ගුවන්විදුලි නාලිකාව (ඇමෙරිකාව, ජර්මනිය හා මහා බ්‍රිතාන්‍යයෙන් පසු) වන ශ්‍රී ලංකා ගුවන් විදුලි නාලිකාවේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස ධනුෂ්ක රාමනායක මහතා අද(28) උදෑසන වැඩ භාරගත්තේය.
මීට පෙර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස වසර දෙක හමාරක කාලයක් සේවය කළ ධනුෂ්ක රාමනායක මහතා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.
කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ධනුෂ්ක රාමනායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ අළෙවිකරණය සහ කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් හිමි ධනුෂ්ක රාමනායක මහතා පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේද විධායක ශ්‍රේණියේ සේවා අත්දැකීම් ඇත්තෙකි.
පසුගිය 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ සමස්ථ මාධ්‍ය මෙහෙයවීම් කටයුතු සිදු කළේද ධනුෂ්ක රාමනායක මහතා විසිනි.
ගුවන් විදුලියේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ වැඩ බාර ගනී !
2017-06-28T14:38:00+05:30
Gossip Lanka Hot News