gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිවයිනපුරා ගිලන්රථ රියදුරු සංකේත වැඩවර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රට පුරා සෞඛ්‍ය ගිලන්රථ රියදුරන් දෙදින සංකේත වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය  කර තිබේ.

හෙට(27) සහ අනිද්දා(28) දිනවල එම වර්ජනය ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් අමරනන්ද වඩුගේ මහතා ප්‍රකාශ කළේය.


නැගෙනහිර පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරන් පිරිසක් වෙනත් දෙපාර්තමේන්තුවකට අනියුක්ත කිරීමට ගෙන ඇති තීරණයට හා පළාත් සෞඛ්‍ය සේවය ස්ථාපිත නොකළ පළාත්වල එය ස්ථාපිත කරන ලෙස ඉල්ලා මෙම සංකේත වැඩවර්ජනය දියත් කරන බව ඔහු සඳහන් කළේය.

මෙය දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද ඉල්ලීමක් බවත්, හෙට දිනයේ පළාත් සෞඛ්‍ය සේවයේ ගිලන් රථ රියදුරක් කොළඹට කැඳවා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම්වලට බලධාරීන් විසින් සාධාරණ විසඳුමක් ලබා නොදුනහොත් එළඹෙන ජූලි මස 03 වන දින සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යාමට බලාපොරොත්තුවන බව වඩුගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka