ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණුත් නිකුත් වෙයි - බස්නාහිර 153යි

2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල ලබා ගත හැකි වනවා. 2022 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණුද මේවනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, නුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල කඩයිම් ලකුණ 153ක් වනවා. හම්බන්තොට හා  රත්නපුරය යන දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණ 150ක්.

අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, අම්පාර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණ 148 ක් වනවා. නුවරඑළිය හා ත්‍රිකුණාමලයේ කඩයිම් ලකුණ 147 ක්. මන්නාරම, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණ 145 වනවා.

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉකුත් වසරේ දෙසැම්බර් 18 වැනි දින විභාග මධ්‍යස්ථාන 2,894කදී පැවැත්වුණා. ඒ සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 34,698ක්.

ලොවක් සසල කළ නේපාල ගුවන් අනතුර සජීවීව ලොවට පෙන්නු ගුවන් මගියා (VIDEOS)

පුද්ගලයින් 68 දෙනෙකුට මරු කැදවමින් ඊයේ සිදුවූ නේපාල ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ගුවන් යානය තුළ සිටි මගියෙකු විසින් ලබාගත් බව කියන වීඩියෝ පටයක් පිළිබද මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වි තිබෙනවා.

එම ගුවන් අනතුරේ අවසන් විනාඩි එක හමාරක පමණ කාලය එම යානය තුළ සිටි ගුවන් මගියෙකු විසින් ෆේස්බුක් ඔස්සේ  සජීවිව ප්‍රචාරය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.  

එම මාධ්‍ය වාර්තා මගින් අදාළ වීඩියෝ පටය ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ගුවන් යානයක් පොළවට ආසන්නයේ පියාසර කරන ආකාරය එහි දැක්වෙන අතර මගීන් කෑ ගසන ශබ්දත් අවසන් මොහොතේ වීඩියෝගත කළ කැමරාව සෙළවී ඇද වැටෙන ආකාරයත් එම වීඩියෝවේ ඇතුළත්.

අනතුරට ලක්වූ ගුවන් යානය තුළ සිටි ඉන්දිය ජාතිකයෙකු එය වීඩියෝගත කර ඇති බවටයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ. කෙසේවෙතත් එය අදාළ ගුවන් යානය තුළ සිට වීඩියෝගත කරන ලද්දක්ද යන්න මෙතෙක් තහවුරු කළ නොහැකි බව ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

අදාළ ගුවන් යානය අනතුරට ලක්වන අවස්ථාවේ පුද්ගලයින් හැත්තෑ දෙදෙනෙකු එහි ගමන් කරමින් සිටි අතර එම යානය කත්මන්ඩු නුවර සිට කිලෝ මීටර් 200 ක් පමණ දුරින් වූ පොකාරා දක්වා පියාසර කරමින් තිබුණා.

සබන් වල හැංගිලා ගෙදරට එන මේ දේවල් ගැන දැනගෙන හිටියද?

සබන් කියන්නේ අපි හැමෝම පාවිච්චි කරන දෙයක්.ඒත් සබන් එකක් මිලට ගන්න කලින් බලන්න ඕනේ දේවල් බොහොමයක් තියෙනවා.අහලා තියෙනවද සිරුරට අහිතකර සංඝටක ගැන.

සබන් භාවිතය කතා කරන ගැන බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මොනාද මේ අහිතකර දේවල් කියන එක.විශේෂයෙන්ම TCC සහ TCS කියන සංඝටකවල බලපෑම ගැන බොහෝ දෙනා නොදන්නා තරම්.
එයින් එකක් තමයි පැරබන් කියලා කියන්නේ. ට්‍රයික්ලෝසන් සහ ට්‍රයික්ලෝකාබන් කියන්නෙත් මේ වගේම අපේ ශරීරයට අහිතකර සංයෝග කිහිපයක්.

ගොඩක් වෙලාවට වෙළඳ ප්‍රචාරණ වලට රැවටිලා ඔයා ගෙදරට ගේන සබන් කැටය නිසා ඔයත් නොදැනුවත්වම ඔයාට වගේම පවුලටම වෙන්න පුලුවන් කරදර නම් ගොඩක් වැඩියි.

1950 ගණන්වලදී පැරබන් කියන දේ හඳුන්වාදෙන්නේ කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් හැටියට.ඒ කියන්නේ ෂැම්පු,බොඩි වොෂ්,ලෝෂන්,සබන්,රැවුල බෑමේ ක්‍රීම් සහ ඩියෝඩ්‍රන්ට් වැනි දේ කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යයක් ලෙසින් පැරබන් භාවිතා කරනවා.

1.නැති ලෙඩ එකින් එක අපේ සිරුරට

මේ පැරබන් කියන දේ අපේ රුධිරයට අවශෝෂණය වෙලා ශරීරයේ බොහෝ ස්වාභාවික ක්‍රියාවලියන්ට එය බලපානු ලබනවා.හෘද ස්පන්දනය,අස්ථි සහ පටක වර්ධනයට මෙන්ම ප්‍රජනන හැකියාවටත් මෙය බලපානවා.ඒ විතරක් නෙවෙයි ,හෝමෝන නිපදවන සහ මුදා හරින ග්‍රන්ථ වලින් තමයි අපේ ශරීරයේ ගොඩක් දේවල් පාලනය කරන්නේ.ඇදුම,දියවැඩියාව,හෘද රෝග,තයිරොයිඩ් රෝග,ලිංගික දුර්වලතා,වඳභාවය සහ වෙනත් බොහෝ දේ මෙන්ම පියයුරු පිළිකා වැනි තත්වයන් පවා මේ පැරබන් නිසා ඇතිවෙන්න පුලුවන්.

ඉතින් ඔබ ලස්සන වෙන්න කියලා ඇඟේ ගාන සමහර සබන් වලත් මේ පැරබන් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද ?

සබන් නිෂ්පාදනයේදී යොදා ගන්නා තවත් ප්‍රති බැක්ටීරියා සංයෝගයක් තමයි ට්‍රයික්ලෝසන් සහ ට්‍රයික්ලෝකාබන් කියලා කියන්නේ .අපි සබන් භාවිතා කරන විට මෙම රසායනිකය සම හරහා හෝ මුඛය හරහා අවශෝෂණය වෙලා සමේ රෝග හටගැනීමේ අවදානමක් තිබෙනවා.ඒ විතරක් නෙවෙයි ,කුඩා දරුවන්ට ආසත්මිකතා ,ඇදුම සහ දද වැනි තත්වයන් ඇති වීමේ සම්භාවිතවක් ඇති බවයි හෙළිව ඇත්තේ.

ඒවගේම තමයි අපි මේ කතා කරපු දේවල් වල තිබෙන තවත් අයහපත් ප්‍රථිඅපලයක් තමයි , මෙම මෙම TCS සහ TCC ඩයොක්සයිට් සමග සම්බන්ධ වූ විට පිළිකා කාරකයක් වීමත් එය අපේ අපේ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල කීරීමට උපකාරී වීමත් කියන දේ.

2.දරුවන්ට ඇති බලපෑම

දරුවො කියන්නේ මල් වගේනේ.එයාලට ඔයා කන්න මොනාව හරි දුන්නත් දෙතුන් පාරක් හිතනවා.හැබැයි එයාලගේ ඇඟේ ගාන සබන් එක ගැන ඔයා ඒ තරමටම හිතනවද ? පොඩි දරුවන් මේ අවධියේ ඉඳලම පැරබන් වලට නිරාවරණය වීමෙන් ඔවුන්ගේ වර්ධනයට සහ සංවර්ධනයට විශාල බාධාවන් වෙන්න පුලුවන්.ඒ වගේම අනෙකුත් සෞඛ්‍ය අවදානම්වලටත් ඒ අය ගොදුරු වෙනවා.

3.පරිසරයට ඇති බලපෑම..!
පැරබන් කියන දේවල් අපිට විතරක් නෙවෙයි,අපේ පරිසරයටත් ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි.ඒ විතරක් නෙවෙයි.පැරබන් විතරක් නෙවෙයි,අපි කතා කරපු අනෙක් සංයෝග දෙකත් අපේ සිරුරට කොහෙත්ම සුදුසු දේවල් නම් නෙවෙයි.

පසුගිය කාලයේදී මේ සම්බන්ධයෙන් පර්යේෂකයින් සිදු කල පරීක්ෂණවලින් හෙළි වුන කරුණු වලින් බොහෝ දෙනෙක් පුදුම වූවා.සාගරයේ වාසය කරන ඇතැම් සත්වයින්ගේ සිරුරුවලිනුත් මේ පැරබන් හමුව තිබූ අතර ඇමරිකාවේ පැසිෆික් වෙරළ තීරයේ වෙසෙන හිම වළසුන්,මුහුදු ඔටර් සහ ඩොල්ෆින් වැනි සතුන්ගේන් පවා මේ පිළිබඳව හෝඩුවාවන් සොයා ගැනීමට මේ පර්යේෂකයින් පිරිස සමත් වී තිබුනා.

ඇත්තටම මෙහෙම වෙන්නේ ,අපි විසින්ම පරිසරයට මුදා හරින සබන් සහ ෂැම්පු වැනි ද්‍රව්‍ය නිසාවෙන්.ඉතින් හිතන්නකෝ..භාවිතා කල පසුවත් පරිසරයට මුදා හැරුනම පැරබන් අඩංගු නිෂ්පාදන මේ තරම් අහිතකරයි නම් ,ඒවා භාවිතා කරන අපේ සිරුරට ඒවා කොයි තරම් නම් අහිතකර වෙයිද ?

4.හරියටම කොහොමද හොයලා බලලා ගන්නේ ?

දැන් ඔබට තියෙන ගැටලුවක් තමයි,පැරබන් තියෙන සබන් සහ පැරබන් නැති සබන් කොහොමද හඳුනාගන්නේ කියලා ?


හරි ..

ඔබ වෙළඳපොලෙන් සබන් මිලට ගන්නා විට එහි ඇසුරුම හොඳින් පරීක්ෂා කරන්න.ඒවායේ ලෙස සඳහන් වෙනවානම් ඇත්තටම ඒ සබන් නිෂ්පාදනයේදී පැරබන් යොදාගෙන නැහැ

ඔබට තවත් ඒ බව හොඳිනම දැන ගැනීමට අවශ්‍යනම් පැරබන් සඳහා භාවිතා කරන මෙන්න මේ අමුද්‍රව්‍ය තියෙනවද කියලත් පරීක්ෂා කරන්න පුලුවන්.

Butylaparaben

Methylparaben

Propylparaben

ඉතින් මේ කියන කරුණු ගැන ඔබත් දැනුවත් නම්,මීලඟ වතාවෙදි වෙළඳපොලට ගියාම හොඳම සබන් එක තෝරගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ.

"සොරි මිස්...බංගලාදේශයත් වඩා ඔයාල වැටිලා ඉන්නේ" හොඳට කරපු පාලකයෝ නිසා රුමේනියාවේදී ලාංකික තරුණියකට අත්වූ ඉරණම

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුද හමුවේ විදෙස් රට වල සිසුන් ද අපහසුතාවයට පත්ව තිබෙනවා. ඒ මෙරට තත්වය නිසාවෙන් ඇතැම් රටවල බැංකු හා මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකාවේ සිසුන්ට වෙනස්ම ආකාරයකින් සැලකීම නිසාවෙන්. එවන් තත්වයකට මුහුණ දුන් ශ්‍රී ලාංකික තරුණියක් තැබූ ෆේස්බුක් සටහනක් පහතින්.

මම රුමේනියාවට අැවිල්ලා ඉන්නෙ  student visa මත. අපිට residence permit එක ගන්න මෙහෙ බැංකුවක ගිණුමක් විවෘත කරලා සල්ලි දාල statement එකක් ගන්න ඕන. අද මාත් තව ශ්‍රී ලංකාවෙන් ගියපු මගෙ සහෝදර ශිෂ්‍යයන් 5 දෙනත් උදේ ඉඳන් මෙහෙ තියෙන බැංකු ගණනාවකට ගියා ගිණුම් විවෘත කරගන්න. එ් හැම තැනින්ම කීවෙ ගිණුම විවෘත කරන්න approval එක ගන්න ඕන එ්කට සති දෙකක්වත් යනවා කියලා. අපි බැංකුවක් හොය හොය අැවිදින අතරෙ මොරොක්කෝ වලිනුයි බුරුන්ඩි රාජ්‍යයෙනුයි අාපු අපෙ Faculty එකේ ළමයි දෙන්නෙක් ම කීවා එයාලට ගිය ගමන් ගිණුම් විවෘත කරල දුන්න කියලා සහ බංගලාදේශය අාදී අනෙක් රටවල අයයි හැමෝම එක දවසෙන් accounts open කරගත්තා කියලා. ඊට පස්සෙ ගියපු Bancă Transilvania කියන බැංකුවේ ශාඛාවකට ගිහින් කතා කලාම එ් නිලධාරියා අදාළ ලියකියවිලි අරගෙන තොරතුරු system එකට දාල අන්තිමට අර සති දෙකේ approval කතාව කීවා. මං බැංකුව නිලධාරියගෙන් අැහුවා, '' Bangladeshi students studying with us have been opened their accounts on the same day. Why can't we do that?'' කියලා.

අැත්තමයි ඔහු උත්තර දුන්නෙ කරන්න බැරි හේතුවට සමාවෙන්න කියන දේ කිහිපවරක්ම කියලා. ඔහු කියපු දේ තමයි '' Bangladesh is not a country with risk. But Sri Lanka is in a huge crisis. So we cannot open an account without permission.''   එ්ක අපිට කියන එක හරි නැති නිසාලු සති දෙකක් යනවා කියල හැම තැනින්ම කියන්නෙ. මට අැඩුනා පුදුම අසරණ බවක් දැනුනෙ. මම ඔහුට පැවසුවා මාගේ වීසා කාලය පෙබරවාරි 27 දින අවසන් වන බවත් ඊට පෙර මා Temporary Residence Permit සදහා අයදුම් කළ යුතු බවත්. නමුත් ඔහුට එම අවස්ථාවේ කිසිවක් කල නොහැකි බවත් එම තොරතුරු අදාළ අංශ වෙත යොමු කරන බවත් ඔහු පැවසුවා.

පුළුවන් නම් අපේ රට පිළිබඳ ව ලෝකෙ අනෙක් රටවල් දරණ අාකල්පය කුමක්ද කියල තේරුම් ගන්න. රුමේනියාවත් මෙහෙම කරනවනම් අනිත් රටවල් ගැන කවර කතාද? තමන්ගෙ දරුවන්ගෙ අනාගතය ගැන හිතනව නම් පුළුවන් ඉක්මනින් ශ්‍රී දූපතෙන් පිටවෙන්න ක්‍රමයක් හදාගන්න.

උපුටා ගැනීම - චතුරිකා ජයංගනී කස්තුරිආරච්චි
රුමේනියාවේ  සිට