gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්ලබ් වසන්තගේ ඝාතන සිද්ධියට සම්බන්ධ කාලිංග සහ චතුරංග ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි!

මේ සිද්ධිය බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වෙන පුවතක් වෙලා.. 

පසුගිය 8 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේදී tatto මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ක්ලබ් වසන්ත සහ ඔහුගේ බිරිඳ ඇතුළු කිහිපදෙනෙක් මෙම අවස්ථාවට සහභාගී වුණා..

එම අවස්ථාවේදී ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගිය අතර අනෙක් සිව් දෙනකු පමණ රෝහල් ගත කළා..

මෙම සිද්ධියට පැමිණි ඝාතකයින් එම ස්ථානයට ( W P _CAV _ 0718 සුදු පැහැති) කාර් රථයකින් පැමිණ වෙඩි තබා පලා ගොස් අතුරුගිරිය කොරොතොට ප්‍රදේශයේදී වෑන් රථයකට මාරුවී පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වුණ අතර, එම ලබාගත් C C T V දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ අතුරුගිරිය බස්නාහිර පළාත් බුද්ධි අපරාධ කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් කළ මෙහෙයුමකදී වෑන් රථය පැදවූ පුද්ගලයා සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා..

මෙම ඝාතනය විදේශ රටක සිට මෙහෙයවන ලොකු පැටි නැමති පුද්ගලයාගේ නෑනාගේ ස්වාමියා වන "චතුරංග මධුසංක" නැමැති පුද්ගලයා විසින් මතුගම ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ හතළිහක් පමණ ලබා දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඊයේ දින කඩුවෙල හේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවගේ නමට ලිඛිත ලියවිල්ලක් මත ලබාගත් බස් රථයක් අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන ආ බවට තොරතුරු අනාවරණය වී තිබුණා..

මෙම ඝාතනය සැලසුම් කිරීම සඳහා අතුරුගිරිය ප්‍රදේශයෙන් කුලී පදනම මත නිවසක් ද ලබාගෙන මෙය ඉතා සූක්ෂම ලෙස සැලසුම් කර ඇති අතර, මෙම ඝාතනය සිදුකිරීමට පැමිණි වෙඩික්කරුවන් පැමිණි සුදු පැහැති කාර් රථයෙන් පැමිණ අපරාධය සිදුකර අතුරුගිරිය කොරතොට ප්‍රදේශයේ දී කාර් රථයෙන් බැස වෑන් රථයකට ගොඩ වී ඇති බවයි වාර්තා වෙන්නේ..

මෙම වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ ලොකු පැටියගේ සමීපතම ගෝලයකු වන අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි "කාලිංග කසුන් උදයංග " නැමති පුද්ගලයෙක්..

මෙම වෙඩික්කරුවන් එම වෑන් රථයෙන් බැස චතුරංග මධුසංක නැමැති පුද්ගලයා විසින් මතුගමින් ලබාගත් බස් රථයට කඩුවෙල ප්‍රදේශයේදී නැග කතරගම ප්‍රදේශයට පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා..

මෙලෙස මොවුන් හට ඝාතනය කිරීමෙන් පසු පැමිණීම සඳහා වෑන් රථය පැදවූ "චතුරංග මධුසංක " නමැති පුද්ගලයා ඉතා සූක්ෂම ලෙස මෙම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයේ අතහැර දමා ගිය බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා..

මෙම සිද්ධිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලයේන් සහ ප්‍රවෘත්ති පිළිබඳ ව අවධානය යොමු කරමින් දිනෙන් දින ලැබෙන තොරතුරු වලට අනුව තවදුරටත් මෙහි රැඳී සිටීම නුසුදුසු බැවින් විදේශගත වීමට ඔහු තීරණය කර ඇති අතර, එසේ තීරණය කර ඔහු විදේශගතවීමට සූදානම් වන අවස්ථාවේදී අතුරුගිරිය බස්නාහිර පළාත් බුද්ධි අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා..

මෙම අත්අඩංගුවට ගත් වෑන් රථය පැදවූ රියදුරු වන "චතුරංග මධුසංක " නැමැති පුද්ගලයා සහ ලොකු පැටියගේ සමීපතම ගෝලයකු වන "කාලිංග කසුන් උදයංග' නැමති පුද්ගලයන් දෙදෙනා අද දින අතුරුගිරිය පොලිස් නිලධාරීන් විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගැනීම ට නියමිතයි..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka