gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටම කැළඹු, අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කුට මොකද වුණේ?

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තා සම්බන්දයෙන් ගොනුකර ඇති පැමිණිල්ල පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබදව දැනුම් දීම සදහා එළැඹෙන ඹක්තෝම්බර් 23 වනදා නඩුව නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (24) නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කර තිබෙනවා.

මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික ආබාධයකින් පෙළෙන බව පෙරදිනයේ ඹහු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන බවත්, ඒ හේතුවෙන් සිදුවීමට අදාළ පැමිණිල්ල පවත්වාගෙන යන්නේද නැද්ද පිළිබඳව ස්ථාවරය අධිකරණයට දැනුම් දීම සදහා කෙටි දිනයක් අවශ්‍ය බවත්, නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණා.

අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව නාමයෙන් පෙනී සිටිමින් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නැමැත්තෙකු අනුගාමිකයන්ගේ වැඳුම් පිදුම්වලට ලක්වන ආකාරයේ වීඩියෝ දර්ශන පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, ඔහුගේ දේශන තුළින් බුදු දහමට අපහාස සිදු වන බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka