gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ 32ක රන් බඩු සොරකම ගැන පොලිස් අධිකාරීගෙන් ප්‍රශ්න කරයි

අනුරාධපුර ස්වර්ණාභරණ සාප්පුවක රුපියල් ලක්ෂ 32කට ආසන්න රන්බඩු සහ මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරී එච් සමුද්‍රජීව මහතාගෙන් ඊයේ (24) පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීමක් අනුව සමුද්‍රජීව මහතා ඊයේ  (24) උදේ 10ට පමණ එහි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටි අතර ඊයේ පස්වරු 3.00 පමණ වන තෙක් ඒ මහතාගෙන් ප්‍රශ්න කර
ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනුරාධපුරයේ සිදුවීයැයි කියන මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධි තුනක් ගැන පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය කර ගත් තොරතුරු අනුව සහ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව   මෙම ප්‍රශ්න කිරීම සිදු කළ බව දැනගන්නට තිබේ.

 2017 වසරේදී සිදුවිණැයි කියන මෙම මුදල් හා රන් භාණ්ඩ පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේ   පොලිස් අධිකාරීවරයා එම ස්ථානයේ සිටි බව සැකකරුවන් ප්‍රකාශ කළ බවත්, ඒ අනුව පොලිස් අධිකාරීවරයා ගෙන්වා ඒ ගැන ප්‍රශ්න කළ බවත්, මෙම අපරාධය සම්බන්ධයෙන් තමා කිසිත් නොදන්නා බව පොලිස් අධිකාරීවරයා පැවසූ බවත් රහස් පොලිස් ආරංචි මාර්ග කියයි. අපරාධය සිදුවන අවස්ථාවේ තමා එම ස්ථානයේ සිටියේයැයි කියන කතාව අසත්‍ය බව ද පොලිස් අධිකාරීවරයා කියා තිබේ.

පොලිස් අධිකාරී සමුද්‍රජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සේවය කර තිබේ. පාතල මර්දනය සම්බන්ධයෙන් කාලයකට පෙර නමක් දිනාගෙන සිටි ඒ මහතා 2017 වසරේ දී බස්නාහිර පළාතේ රාජකාරි කරමින් සිටියේය.

ස්වර්ණාභරන වෙළෙඳසලේ දොරගුලු හා සේප්පු කපා මුදල් පැහැර ගැනීම සිදුවී ඇති බවත්, මේ හා සමාන කොල්ලකෑන් කිහිපයක් ගැනම තොරතුරු අනාවරණය වෙමින් බවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.  මේ සම්බන්ධයෙන් තවත් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනී නියමිත බව පොලිසිය කියයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka