gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාළු වරායේ ටකරන් මඩුවක මහ වංචාවක්.. සෞදි සමාගමක්ද පැටලේ..

පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ගාලුවරායේ ඉදි නොවුනු නාවික යාත්‍රා අලුත්වැඩිය කරන අංගනයේ ඇතුලු පැත්ත.

2013 මැයි මස 6 වන දින ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා සීගල්ෆ් ෂිප්යාඩ් (පුද්ගලික) සමාගම අතර ගාලු
වරායේ නාවික යාත්‍රා අලුත්වැඩියා කරන අංගනයක්
ස්ථාපිත කිරීම සදහා වන ගිවිසුමක් ඇති කරගන්නා ලදී. මෙම ගිවිසුමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාර්ශවයෙන් අත්සන් කරනු ලබන්නේ එහි හිටපු සභාපති  ප්‍රියත් බී වික්‍රම වන අතර ඊට සාක්ෂිකරු ලෙස අත්සන් කරනුයේ වර්තමානයේ වරාය අධිකාරියේ අධ්‍යක්ෂක සැළසුම් ලෙස කටයුතු කරන ඉන්ජිනේරු සුසන්ත අබේසිරිවර්ධනය. වසර 2014  පෙබරවාරි 20 වන දින පෙරවරු 10.41 ට යෙදෙන සුභ මොහොතින් අදාල නාවික යාත්‍රා අලුත්වැඩිය කරන අංගනය සදහා වන සමරු ඵලකය විවෘත කරන ලද්දේ එවකට අමාත්‍යධූර දෑරෑ රෝහිත අබේගුණවර්ධන හා නිර්මල කොතලාවල යන අමාත්‍යවරු විසින්ය. සීගල්ෆ් ෂිප්යාඩ් (පුද්ගලික) සමාගම සවුදි අරාබියට සම්බන්ධකම් කියනු ලබන සමාගමකි. එම සමාගම විසින් 2018/08/28 වන දින වන තෙක්ම ගාලුවරායෙන් එම සමාගමට ලබා දුන් ස්ථානයේ ඉදිකර ඇත්තේ ටකරන් මඩුවක් පමණි.

ගිවිසුම ප්‍රldරව අදාල සමාගම සෑම මසකම කුලී මුදලක් ශ්‍රී ලංකා වරාය අධිකාරියවෙත ගෙවිය යුතු වුවද මේ වන විට අප වෙත දැන ගැනීමට ඇති ආකාරයට සීගල්ෆ් ෂිප්යාඩ් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරියවෙත ගෙවීමට ඇති මුදල ඇමරිකානු ‌ෙඩාලර් මිලියන 75 කි.

එම මුදල ශ්‍රී ලංකා වරාය අධිකාරියවෙත ලබා ගැනීම සදහා වන කිසිදු ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියගෙන ඇති බවට තවම වාර්තා වී නැත. ගිවිසුමේ කොන්දේසි අනුව ගිවිසුමේ කොන්දේසි කඩකිරීමක් සම්බන්ධව 1995 අංක 11 දරණ බේරුම් කිරීමේ මධ්‍යස්ථානය වෙත යායුතු වුවද එසේ බේරුම් කිරීමේ මධ්‍යස්ථානය වෙත තවමත් ගොස් නැත.

මෙම ගිවිසුම පිටුපස සිටින්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ තනතුරක් දeරෑ පුද්ගලයෙකු වන අචාර්යය සරත් ඔබේසේකර බවට පැහැදිලි සාක්ෂි අප වෙත ලැබී ඇත.ඔහු වර්තමානයේ වෝකර්ස් කලම්බු ඩොක්යාඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක වරයා වන අතර ඔහු විසින් තවත් පුද්ගලයෙකු සමග ගාලු වරායට ආසන්නයේ විශාල ඉඩමක් මිලදී ගෙන ඇත. සීගල්ෆ් ෂිප්යාඩ් (පුද්ගලික) සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා වන්නේද සරත් ඔබේසේකර වන අතර ඔහුගේ සමීපතම මිතුරා වන්නේ වර්තමානයේ වරාය අධිකාරියේ අධ්‍යක්ෂක සැළසුම් ලෙස කටයුතු කරන ඉන්ජිනේරු සුසන්ත අබේසිරිවර්ධනය.

සුසන්ත අබේසිරිවර්ධන ගාලුවරායේ නාවික නිවාඩු නිකේතනයක් සෑදීම සදහාද සැළසුම් සාදන පුද්ගලයාද වේ. අචාර්යය සරත් ඔබේසේකර ගාලුවරායේ නාවික නිවාඩු නිකේතනය සෑදීමට වන ටෙන්ඩරය පිළිබදව මාධ්‍යයට ලිපි සපයන පුද්ගලයෙක් වන අතර ඔහු පවසන්නේ ස්විස් චැලේන්ජ් ක්‍රමය යටතේ අදාල ටෙන්ඩරය කැදවා ඇති බවය. එය අමූලික බොරුවක් වන අතර ලංකාවේ වලංගු නීතියට අනුව ස්විස් චැලේන්ජ් ක්‍රමය ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක නොවේ.

ජනතාවගේ බෙල්ල මිරිකා බදු ලබා ගන්නා රටක රජයට අයවිය යුතු මුදල් නොසලකා කටයුතු කිරීමට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුය. ඒ වෙනුවෙන් නැගී සිටීමට අප ඉදිරිපත් වන  අතර ඉදිරියේදී මේ පිළිබදව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත පැමිණිලි කිරීමටද අප කටයුතු සූදානම් කර ඇත.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka