gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක පංති, සම්මන්ත්‍රණ 30 වැනිදායින් අත්හිටවයි!

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන සියලු අධ්‍යාපනික කටයුතු (උපකාරක පංති, සම්මන්ත්‍රණ) ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එසේම විභාග කටයුතු මැයි මස 06 වැනිදායින් ආරම්භ වී මැයි මස 15 වැනිදායින් අවසන් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව සඳහන් කරයි.

අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස 25 වෙනිදායින් පසුව නිකුත් කරනු ඇති අතර 2023 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් සිසුන්ට උසස් පෙළ පංති වෙත ඇතුළු වීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ විසින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබුනේ 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවනු ලැබුව ද මාස 4ක් ගතවී ඇතත් නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අසමත් වී ඇති බවය.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කළ සිසුන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් එම ප්‍රතිඵල ප්‍රමාද වීම් හේතුවෙන් උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගැනීමට නොහැකිව අසරන වී ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

එම නිසා නැවත සමීක්ෂණ කටයුතු ඉක්මනින් අවසන් කර ප්‍රතිඵල කඩිනමින් ලබා දෙන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කරන මෙන් මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබේ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka