gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මම කොළ කැඳ හදාගෙන කාමරයට යනකොට තමයි දැක්කේ.. රෝහලය ගෙන ගියත් අපි ප්‍රමාදයි" - ඔහු වෙනුවෙන්ම කැපවූ ඇය හැඬූ කඳුළින් කී කතාව මෙන්න

ඔහු රටක් හඳුනන ජ්‍යෝතීර්වේදියෙක්.. පසුගිය දවසක ඔහු ගැන අහන්න ලැබුණේ හද කම්පා කරන පුවතක්.. 

මේ ඒ සංවේදී පුවත ගැන ඔහුගේ බිරිඳ කියූ කතාවයි..

වෙලාව උදෑසන 5.45 විතර ඇති.. සුපුරුදු විදිහටම එදා ඇය කැඳ කෝප්පයත් අරගෙන ගිහින් තියෙන්නේ ඇගේ සැමියාව අවදි කරන්නයි..

ඒ එදා උදෑසන ඔහුගේ දවස ආරම්භ කිරීමට ඇති වැඩසටහනද මතක් කර දෙන්නට හිතාගෙනයි.. ඒත් සිදුව තිබුණේ වෙනම දෙයක්..

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ බිරිද වන හිනිදුම ලියනගේ චම්පිකා කියූ කතාව ගැන තැබූ සටහනයි.. තම සැමියාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමිනි ඇය මේ බව පැවසුවා..


"මේ මියගොස් සිටින්නේ මගේ සැමියා. අපි විවාහ වෙලා දැනට අවුරුදු තිස් හයක්. අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව ලංකාවේ පුතා ඕස්ට්‍රේලියාවේ.

මගේ සැමියාට වසර පහක පමණ සිට අධික රුධිර පීඩනය තිබුණා. ඒ සඳහා පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් තාවකාලිකව ප්‍රතිකාර ගත්තා. ඒත් ස්ථිරවම ප්‍රතිකාර ගන්න ගියේ නෑ.මහත්තය බෙහෙත් බොන්න ටිකක් කම්මැලියි. මගෙ සැමිය මස් මාළු කන්නේත් නෑ.

එදා 22 දා උදේ 07 පමණ ජ්‍යෝතිෂය වැඩසටහනකොට සහභාගී වීමට තිබෙනවා කියලා කලින් දවසෙ මට කිව්ව නිසා පසුදෑ උදෑසන හතරට අවදි වී කොල කැඳ පානයක් සකසා අළුයම 5.45 පමණ මහත්තයා නිදාසිටි කාමරයට ගොස් ඔහුව අවදි කිරීමට උත්සාහ කළා. නමුත් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූවෙ නෑ. කොතරම් සෙලවුවත් අවදි වුණේ නෑ.

මට ටිකක් බය හිතුනා . පසුව මම දුරකථනයෙන් දුවට දැනුම් දුන්නට පස්සේ දුව ක්ෂණිකව ගිලන් රථයක් එව්වා. පසුව සැමියව රැගෙන තලවතුගොඩ හේමාස් රෝහලට ගියා. එහිදී වෛද්‍යවරුන් පැවසුවේ සැමියා මියගොස් ඇති බවයි.."
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka