gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටම කතා කළ අඹගෙඩි නඩුවට සිදුවූ දේ

අසල්වැසි නිවෙසක අඹ ගසකින් ගෙඩි 19ක් කඩා සොරකම් කර සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ වයෝවෘද්ධ කාන්තාව වරද පිළිගැනීම සම්බන්ධයෙන් සලකා බැලූ අනුරාධපුර ප්‍රධානමහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ සැකකාරියට තරයේ අවවාද කර මුදාහැරීමට ඊයේ (30) නියෝග කළා.

එසේ මුදා හැරුණේ අනුරාධපුර සාලියපුර ජයන්ති
ග්‍රාමයේ 65 හැවිරිදි පදිංචිකාරියක්.

ඉකුත් 2017 වසරේ ඔක්තෝබර් මස 11දා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය මඟින් සැකකාරිය අත්අඩංගුවටගෙන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක්මත මුදා හැරීමට එවකට හිටපු ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ නියෝග කර තිබුණා.

සැකකාරිය අධිකරණය අපහසුතාවට පත් නොකරමින් නඩු විභාගය ගැනීමට පෙරම තමන් වරදක් කළ බව පිළිගැනීමට කටයුතු කිරීම නිසා ඇයට ලිහිල් දඬුවමක් නියම කිරීමට විනිසුරුවරයා නියෝග කළා.

සැකකාර වයෝවෘද්ධ කාන්තාව සිය නිවෙස පිහිටි ගෙවත්තේ ඇති අඹ ගසකින් අඹ ගෙඩි 19ක් සොරකම් කළ බවට අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ පදිංචි උදේනි පෙරේරා නමැත්තිය විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කළ පැමිණිල්ලකට අනුවයි සැකකාර කාන්තාව පොලිසිය මඟින් අත්අඩංගුවටගෙන පැය 24ක කාලයක් සිර භාරයේ තබා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

සැකකාරිය වරද පිළිගැනීම නිසා ඇයට දඬුවම් අඩු කිරීම පිළිබඳව සලකාබලා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 306 වැනි වගන්තියට අනුව සැකකාරියට තරයේ අවවාද කරමින් මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළා.

එමෙන්ම පෙර වැරැදි සම්බන්ධයෙන් කැඳවූ වාර්තාවල ඇය අධිකරණය හමුවේ කිසිදු අවස්ථාවක වරදකරුවකු වී නොමැති නිසා ලිහිල් දඬුවම නියම කරන බවත් නැවත කිසිදු අවස්ථාවක මෙවැනි ක්‍රියාවක නිරත නොවන ලෙසත් විනිසුරුවරයා ඇයට තදින්ම අවවාද කර ඇති බව සඳහන්.

පැමිණිලි පාර්ශවය සමඟ යළි කිසිදු ගැටුමක් ඇති කර නොගන්නා ලෙසත් සාමයෙන් කටයුතු කරන ලෙසටත් විනිසුරුවරයා ඇයට වැඩිදුරටත් අවවාද දී තිබෙනවා.

සිදුවූ අගතියට කිසියම් වන්දි මුදලක් අවශ්‍ය දැයි විනිසුරුවරයා පැමිණිලිකාරිණියගෙන් විවෘත අධිකරණය හමුවේ විමසූ අතර තමන්ට කිසිදු වන්දි මුදලක් අවශ්‍ය නැති බව අෑ අධිකරණය හමුවේ පැවසුවා.

මෙම සිදුවීම පසුගිය කාලයේ සමාජ ජාල තුළද විශේෂ අවධානයක් ගත් සිද්ධියක් බවට පත් වූවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka