gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටිකාවත්ත සණසේ කෙළි මහාධිකරණයට !

කොටිකාවත්ත සණස සමිතියේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුදල් අවභාවිතාවන් සහ වංචාවන් හේතුවෙන් රුපියල් කෝටි 23 කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් එහි සභාපති සරත් විදානපතිරණ සහ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව සමිතියේ කොටස් හිමි සාමාජිකයෝ පිරිසක් විසින් කොළඹ මහාධිකරණයේ ඊයේ (03) නඩු පවරා තිබේ.

සමූපකාර සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් 2015 වසර සදහා මෙම සමිතියේ ගිණුම්
විගණනය කිරීමෙන් පසුව හෙළිදරව් වී ඇති බරපතල මුදල් අවභාවිතාවන් පිළිබදව වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ද කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් 2015 වසරේ මෙම සමිතියේ සිටි සියළුම අධ්‍යක්ෂවරු ද වර්තමාන අධ්‍යක්ෂවරු ද එම සමිතියේ කළමනාකාරිනිය ද මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

තවද, තමාගේ නිලධාරීන් විසින්ම සිදු කරන ලද විගණනයෙන් බරපතල අක්රමිකතාවයන් හෙළිදරව් වී තිබිය දීත් සමූපකාර ප්‍රඥප්තිය යටතේ තමන් වෙත ඇති බලතල ක්‍රියාත්මක කර ඒ පිළිබදව වගකිව යුතු තැනැත්තන් පිළිබදව සොයා බලා ඔවුන්ට එරෙහිව නිසි පියවර ගැනීමේ වගකීම සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාට ඇති නමුත් ඔහු එසේ නොකර සිය වගකීම හිතාමතාම පැහැර හරිමින් සිටින බව ද මෙම පැමිණල්ලේ දක්වා ඇත.

එම නිසා බස්නාහිර පළාතේ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා ද සහකාර කොමසාරිස්වරයා ද මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka