gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යන්නගිය හමුදා මාණ්ඩලික ප්‍රධානීයාට සේවා දිගුවක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබාදී ඇත.

මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සිය සේවා කාලය නිමා කරමින් විශ්‍රාම යාමට නියමිතව තිබුණේ පෙරේදා දිනයේය. ඒ වෙනුවෙන් ඔහුට කුරුවිට ගැමුණු හේවා බලඇණි මූලස්ථානයේදී ආචාර පෙළපාලියක්ද පවත්වා හමුදා ප්‍රධානින් විසින්
සමුදීමේ සාදයක් ද පවත්වා තිබිණ.

එසේ දම්පත් ප්‍රනාන්දු මහතාගේ විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 06 දෙනෙකුගේ ලැයිස්තුවක් යුධහමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර යවා තිබු බවද ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

එවැනි තත්වයක් යටතේ නිව්යෝර්ක් සංචාරයක නිරතව සිටි ජනාධිපතිවරයා ලංකාවට පැමිණි පසු දම්පත් ප්‍රනාන්දු මහතාට මෙසේ සේවා දිගුවක් ලබාදීම සුවිශේෂී කාරණයකි.

දම්පත් ප්‍රනාන්දු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කෙරුණේ ඉකුත් මාර්තු මස 27 වැනිදාය.

1983 වසරේ අප්‍රේල් මස 27 වැනිදා කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක් වූ ඔහු ගැමුණු හේවා බලඇණියේ නිලධාරියෙකි.

 (මුලාශ්‍රය - නෙත් නිව්ස්)



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka