gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රීරෝද රථ අංක තහඩුවට වෙනසක්

මගී ප‍්‍රවාහන ත‍්‍රීරෝද රථ සඳහා පහසුවෙන් හඳුනාගත හැකි පරිදි වෙනත් පැහැයකින් යුතු අංක තහඩු ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යංශය සූදානම් වනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ මගී ප‍්‍රවාහන ත‍්‍රීරෝද රථ සංගම්වල ඉල්ලීමකට අනුව ඉදිරියේදී එම ක‍්‍රියාමාර්ගය ගන්නා බවයි.

මීටර් සවිකරගනිමින් ත්‍රීරෝද රථ වෘත්තියේ යෙදී
සිටින වෘත්තිකයන්ගේ ජීවනෝපායට බාධා කරමින් බොහෝ අය අර්ධකාලීන වශයෙන් පෞද්ගලික ත්‍රීරෝද රථ තබා ගනිමින් එම වෘත්තියේ යෙදෙන අතර ඒ පිළිබඳ ත්‍රීරෝද රථ සංගම් දැනුම් දී ඇති බවත් පෙන්වා දුන්නා.

එම නිසා මෝටර් රථ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කර ඉදිරියේදී අංක තහඩු නිකුත් කිරීමේදී මෙන්ම දැනට තිබෙන රථ යම් කාලසීමාවක් තුළදීත් ඒවා හඳුනාගත හැකි ආකාරයට වෙනසක් සළකුණු කරන බවයි පැවසුවේ.

ත‍්‍රීරෝද රථ නියාමනය සඳහා ගත යුතු ක‍්‍රියමාර්ග පිළිබඳවද ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කරුණු දැක්වූවා.

එහිදී ත්‍රිරෝද රථ නියාමනය කිරීම සඳහා නියාමන අධිකාරියක අවශ්‍යතාවයක් ඇති බවත්  මේ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කරන බවත් සඳහන් කළා. මගීන්ගේ ආරක්ෂාව සහ රියදුරන්ගේ ආචාර්ය ධර්ම පද්ධතියක් සකස් කිරීමටද අවධානය යොමුව ඇති බවයි පෙන්වා දුන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka