gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මේ තරගාවලියෙන් පස්සේ විශාල හැරවුම් ලක්ෂයක් වේවි" - චන්දිමාල් කතා කරයි

එංගලන්තය සමග පැවැත්වෙන එක්දින හා ටෙස්ට් තරගාවලියට සාර්ථකව මුහුණදීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම කල්වේලා ඇතිව සැලසුම් සකස් කර ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

"දඹුල්ලේ තණ තිල්ලට අපි වෙනදට වැඩිය කලින්
යන්න හිතන් ඉන්නනේ. මොකද ඒ තණ තිල්ලේ ටිකක් වැඩිපුර පුහුණුවීම් කරන්න අපි අදහස් කළා. වෙනදාට නම් මැච් එකට දවස් දෙක තුනකට කලින් තමයි යන්නේ. ඒත් මේ පාර එහෙම නෑ."

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ද එංගලන්ත කණ්ඩායමේ අභියෝගයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

"එංගලන්ත කණ්ඩායම ICC වර්ගීකරණයේ අංක එකේ ස්ථානයේ ඉන්නේ. එහෙම වුණත් අපේ ක්‍රීඩකයින් සියලු දෙනාම හොඳ මානසිකත්වයකින් ඉන්නවා..මේ තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. අපිට ඒ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණොත් මේ තරගාවලියෙන් පස්සේ විශාල හැරවුම් ලක්ෂයක් වේවි."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka