gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීළඟ අගවිනිසුරුවරයා පත් කීරීමට සූදානම් වෙයි

මීළඟ අගවිනිසුරුවරයා ලෙස වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය පත් කිරීමේ සූදානමක් ඇතැයි තොරතුරු වර්තා වනවා.

වත්මන් අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරන ප‍්‍රියසාත් ඩෙප් ලබන සතියේ විශ‍්‍රාම යාමට නියමිතයි. ඒ, ඔහුගේ වයස, අවුරුදු 65 සම්පූර්ණ වීම
හේතුවෙන්.

ඒ අනුව නව අගවිනිසුරුවරයෙකු පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන නම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කළ යුතු වනවා. එම නම් අතරින්  ව්‍යවස්ථාදායක සභාව තෝරාගන්නා තැනැත්තාගේ නම යළි ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්ව එම පත් කිරීම සිදු කිරීමටයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ප‍්‍රතිපාදන සලසා ඇත්තේ.

ඒ අනුව ලබන සතිය තුළ ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරුවරයා ලෙස පත්වීමට සුදුසු තැනැත්තන්ගේ නම් ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දැනට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන් වී  ඇති සාමාජිකයින් කිහිපදෙනෙකු වෙනුවෙන් නව සාමාජිකයින් පත්කර නැහැ. එහෙත් දැනට එම සභාව නියෝජනය කරන නියෝජිතයින්ට අදාළ නිර්දේශ සිදු කිරීමට නීතිමය ප‍්‍රතිපාදන පවතින බවයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka