gossip lanka

රටෙන් පැනගිය අපරාධකාරයින් අල්ලා ගැනීමට පනත් සංශෝධනයක් !

සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (7දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

මෙම පනත 2002 වසරේ දී සම්මත කරන ලද
පනතකි. පහත කාරනා සාක්ෂාත් කර ගැනීම එහි මුල් පනතේ අරමුණ විය.



අ- සාක්ෂිකරුවන්ගේ සහ සැකකරුවන්ගේ ස්ථානය සහ අන්‍යයතාවය හදුනාගැනීම 
ආ- ලේඛන සේවාව
ඇ- සාක්ෂි පරීක්ෂා කිරීම
ඈ- සාක්ෂිල ලියකියවිලි සහ අනෙකුත් ලේඛන ලබා ගැනීම
ඉ- සෙවීම සහ පරිග්‍රහණය :අල්ලාගැනීම- සඳහා ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම
ඊ- සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීම සඳහා අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු තාවකාලිකව මාරු කිරීමක් සිදු කිරීම
උ- සාක්ෂිකරුවන්ගේ පෞද්ගලික පෙනී සිටීම පහසු කිරීම
උෘ-ලියකියවිලි සහ අනෙකුත් වාර්තාවන්හි එන විධිවිධාන
ඒ- කිසියම් අපරාධ ක්‍රියාවක් සිදු වූ ස්ථානය සොයාගැනීම 
ඒ්්- දඩ ගෙවීම සඳහා හෝල වත්කමක අත්හිටුවීම ඉවත් කිරීම සඳහා නියෝග බලාත්මක කිරීම

පනතට අදාලවූ යම් රටක අපරාධ අධිකරණයක අධිකරණ බලයට යටත්වන අපරාධයක් සිදුකල බවට සැකකරන පුද්ගලයකු ශ්‍රි ලංකාවේ භූමි ප්‍රදේශයේ රැදී සිටින අවස්ථාවක දී එකී සැකකරුවන් අල්ලාගෙන අදාල රටට භාර දීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන මෙම පනත මගින් හදුන්වා දී ඇත.

එසේම එවැනි රටක සිටින ශ්‍රි ලංකාවට අවශ්‍යවන අපරාධ නඩුවක සැකකරුවන් හා සාක්ෂිකරුවන් ශ්‍රි ලංකාවෙට ගෙන්වා ගැනීමේ පටිපාටීන් පිලිදව ප්‍රතිපාදනද එහි ඇතුලත් වේ.

ඒ අනුව මෙතෙක් සැකකරුවන් හෝ සාක්ෂිකරුවන් ලෙස භාරදෙන ලෙස ඉල්ලීමක් කල හැක්කේ රටවල් වලට පමණි .

 අලුතින් ඇතුලත් වූ වගන්ති :

2018 සංශෝධන පනත් කෙටුම්පත මගින් රටවල් වලට අමතරව

(අ) ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවකු වන්නා වූ සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව
දැක්වීම සම්බන්ධයෙන් වන යම් ජාත්‍යන්තර හෝ කලාපීය සම්මුතියක හෝ වෙනත් ජාත්‍යන්තර ගිවිසුමක පාශ්වකරුවකු වන්නා වූ රටවල් සඳහා,

(ආ) සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම සඳහා ශ්‍රී ලංකාව සම`ග යම් ගිවිසුමකට ඇතුළත් වී ඇති යම් රටක් සඳහා,

(ඇ) එය ස්වෛරී ජාතීන්ගේ උපරිම ශුභසිද්ධිය උදෙසා හේතු වන බවට අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලැබිය හැකි, ශ්‍රී ලංකාව සම`ග කිසිදු ගිවිසුමකට ඇතුළත් වී නොමැති යම් රටක් සඳහා හෝ

(ඈ) ජාත්‍යන්තර සාපරාධී කාරණාවලට එරෙහිව ක්‍රියා කරනු ලබන යම් සංවිධානයක් සඳහා, ද අදාල කර ගැනීමට යෝජනා කර ඇත.

 වැදගත් සංශෝධන 20 ක් !

 එසේම වගන්ති 20ක් සංශෝධනයට කිරීමට මෙමගින් අදහස් කෙරේ

මෙම සංශෝධන බොහොමයකින් විදේශ රටවලදී සිදුකරන අපරාධ සිදුවීම් පිළිබදව සැකකරුවන් හා සාක්ෂිකරුවන් එකී රටවලට භාරදීම හා ඒ පිළිබදව විභාග කිරීම හා සහය දීමේ ක්‍රමවේදයන් විධිමත් කිරීමක් අරමුණු කරයි.

ඒ අතර එක් වැදගත් සංශෝධනයක් වන්නේ ශ්‍රී ලංකාවේ ඒවන විටත් නඩුවක් පවත්වාගෙන යන සැකකරුවෙනකු යම් විදේශ රටක් විසින් ඉල්ලා සිටිනු ලැබූ විටක නඩුවක් පැවතීමේ පදනම මත ශ්‍රි ලංකාව විසින් එම ඉල්ලීම ප්‍රතිෙක‍ෂ්ප කල යුතු බවට ප්‍රතිපාදන ඇතුලත් වීමයි.

වාසුදේව විමසන කාරණය ?

 අපේ රටේ කෙනෙක් විදේශ රටක ගිහින් අපරාධයක් කරලා මේ රටට ඇවිත් ඉන්නවා නම් ඔහු පිළිබඳව නීතිමය කටයුතු කරන්න විදේශ රටට හැකියාව ලැබෙන නමුත් අපේ රටේ පුද්ගලයෙක් අපරාධයක් කරලා වෙනත් රටකට ගිහින් ඉන්නවා නම් ඒ පිළිබඳව කටයුතු කරන්න අපේ රටට කොතරම් හැකියාවක් තිබෙනවාද ? යන කාරණය අද (07) දිනයේ පැවැත්වෙන විවාදයේදී විමසා සිටින බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍ය හමුවකදී විමසිය.

ගැසට් නිවේදනය මෙතනින්


gossip lanka