gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අපේ අම්මා අපට ඕනේ" - සිරගත කුඩු අක්කලා

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සේවයේ සිටි ජේලර්වරියකට ස්ථාන මාරුවක්දී බදුල්ල බන්ධනාගාරය වෙත යැවීමට කටයුතු කිරීමට එරෙහි විරෝධය දක්වමින් එම බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් පිරිසක් උද්ඝෝෂණයක නිරතවී ඇති බව වාර්තාවේ.

පෙරේදා (05) දිවා ආහාරය ලබා ගැනීම සඳහා සිරකුටි තුළින් එළිමහනට පැමිණි අවස්ථාවේදී කුඩු අක්කලා ලෙස විරුධාවලිය ලද රැඳවියන් පිරිස මෙම
උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වා ඇති අතර ස්ථාන මාරුවීම් ලද අදාළ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මෙහෙයවා ඇති බවත් බන්ධනාගාර ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අදාළ ජේලර්වරිය මාරුකර යැවීමට කටයුතු කළ අධිකරණ අමාත්‍යාංශයට එරෙහිවද මෙම විරෝධතා ව්‍යාපාරයේ සටන් පාඨ කියවනු දිස් වූ බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේදී කුඩු අක්කලා විසින් ස්ථාන මාරුව ලබා යන බන්ධනාගාර නිලධාරිනියව නැවතත් වැලිකඩටම ඉල්ලමින් "අපේ අම්මා අපට ඕනේ" ,"අපේ මැඩම් අපිට ඕනේ",
"එයා නැතුව ඉන්න බෑනේ" යනුවෙන් ප්‍රකාශ කරන සටන් පාඨ ප්‍රදර්ශනය කර තිබේ.

ප්‍රදර්ශනය නොකර මුවින් ප්‍රකාශ කළ සටන් පාඨ අතරට "අධිකරණයේ ලොකු ගෑනි අපිට එපා" යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

මෙලෙස ස්ථාන මාරුවීම් ලබා යන අදාළ බන්ධනාගාර නිලධාරිනිය බන්ධනාගාර කාන්තා අංශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්හි නිරත කුඩු අක්කලාට මෙම ජාවාරම් කටයුතු සඳහා විශාල වශයෙන් සහය දක්වන බවත් ඔවුනට බන්ධනාගාර සිර මැදිරි තුළ කිසිදු දුෂ්කරතාවයකින් තොරව මත්ද්‍රව්‍ය ජාවාරම්හි නිරතවීමට අවස්ථාව සලසා දී තිබෙන බවත් බන්ධනාගාර ප්‍රකාශකයා සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka