gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආවා, දනූ රොක් හා වික්ටර් කල්ලිවල 22ක් අත්අඩංගුවට !

යාපනය ප්‍රදේශයේ පසුගිය සමයේ සිදුවු පුද්ගල කපාදැමීම්, නිවාස වෙත පහරදීම්, පුද්ගලයින් වෙත තර්ජනය කිරීම් ආදි සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයින් 22 දෙනෙකු ඊයේ (06) සවස වන විට අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් නිළධාරීන් පවසති.

යාපනය, කෝපායි, චුන්නාකම් හා මානිප්පායි ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදි අදාළ සිදුවීම් වලට
සම්බන්ධ සැකකරුවන් 22 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබිණ.

මේ සැකකරුවන් පසුගිය කාලයේදී යාපනය, මානිප්පායි, කෝපායි, චුන්නාකම් ප්‍රදේශවල නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකොට පුද්ගලයින්ට තර්ජනය කොට තිබු බවට අනාවරණය වී ඇති බවද පොලිසිය පැවසීය.

යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග යටතේ යාපනය, කෝපායි, චුන්නාකම් හා මානිප්පායි පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර අදාළ මෙහෙයුම්වලට යොදවා ඇති බවද පැවසේ.

යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය, දනුරොක් කල්ලිය, වික්ටර් කල්ලිය වැනි කල්ලි කිහිපයක සාමාජිකයින් විසින් පසුගිය කාලයේදී විවිධ නීති විරෝධි ක්‍රියා කරමින් කප්පම් ගැනීම් සිදුකොට තිබෙන බවට යාපනය ආරක්ෂක අංශ අනාවරණය කර ගෙන ඇති බවද වාර්තා වේ.

ඉතා අඩු වයසේ පසුවන පිරිස් අදාළ කල්ලි වෙත සම්බන්ධ වී සිටින බවත්, එවන් කල්ලි වහාම මර්දනය කිරීම වෙනුවෙන් 01 වැනිදා සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව මේ අතර වාර්තා වේ.

යාපනය ආවා කල්ලිය ඇතුළු කල්ලිවලට සම්බන්ධ 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka