gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හතුරුට ලක්ෂ 60ක් එක්ක නිවාඩුත් දීලා !

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහට ක්‍රිකට් ආයතනයෙන් වැටුප් සහිත මසක නිවාඩුවක් ලබාදී ඇතැයි Cricket Age වාර්තා කර තිබේ.

ඔහුට අදාළ වැටුප් සහිත නිවාඩුව ලබාදී ඇත්තේ පසුගිය මාර්තුවේ පැවැති ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය සහභාගිවූ නිදහස් කුසලාන තුන්කොන්
ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුවය.

හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජාතික පුහුණුකරු බවට පත්වූයේ ඉකුත් වසරේ (2017) දෙසැම්බර් මාසයේදීය. ඒ රුපියල් මිලියන 6ක මාසික වැටුපක් සඳහාය.

හතුරුසිංහගේ ආගමනයෙන් ශ්‍රී ලංකා පිල එතරම් ප්‍රගතියක් අත් නොකරගත් අතර ශ්‍රී ලංකාවට නිදහස් කුසලාන අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය.

එසේම මේවන විට ක්‍රියාත්මක දකුණු අප්‍රිකාව හා එක්දින තරගාවලියෙන්ද 3-0 ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

හතුරුසිංහ දේශීය පුහුණුකරුවන් මත වැඩි විශ්වාසයක් තැබූවකු නොවන බවත්, ඔහු වැඩි විශ්වාසය තබා ඇත්තේ ඕස්ට්‍රේලියානු පුහුණුකරුවන් මතවීම ඔහුගේ දුර්වලතාවයක් බව පැවසේ.

ඔහු තරගාවලියක් අවසන්වූ වහාම ඕස්ට්‍රේලියාවට යන බවත්, නැවත පැමිණෙන්නේ තවත් තරගාවලියක් ආරම්භවීමට ඔන්න මෙන්න තිබියදී බවද හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයකු පැවසීය.

මතහේදාත්මක බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ශ්‍රී ලංකා පිල නිමා කළ වහාම හතුරුසිංහ ලංකාවට නොපැමිණ ඔස්ට්‍රේලියාවට ගොස් තිබිණි.

හතුරුසිංහගේ තවත් දුර්වලතාවයක් සේ ක්‍රිකට් ප්‍රවීනයන් දකින්නේ ඔහු මාධ්‍යට මුහුණදීමට දක්වන මැලිකමයි. පන්දුව පළුදු කිරීමේ සිද්ධිය හා සම්බන්ධ කරුණුවලදී නායක දිනේෂ චන්දිමාල් හා කළමනාකරු අසංක ගුරුසිංහ මාධ්‍යට මුහුණදෙනු ලැබුවද හතුරංසිහ එය මඟහැර සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka