gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස්පති පොල් හිටවයි.. දෙමලෙන් සභාව අමතයි..

පොලිසිය විසින් වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන හා පොදු ස්ථාන තුළ පොල්පැළ 10,000 ක් සිටුවීමේ ආරම්භක වැඩසටහන ආරම්භ කිරීම 04 වනදා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව පූන්තෝට්ටම් නරසිංහ කෝවිලේදී සිදු විය.

වවුනියාව මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ‍මෙහෙයවීම
යටතේ වවුනියාව ප්‍රජා පොලිස් ඒකකයේ සම්බන්ධීකරණයෙන් යුතුව වැඩසටහන සංවිධානය කොට තිබිණ.

වැඩසටහනට එක්වු පොලිස්පතිවරයා පැවසූවේ පොලිසිය ප්‍රජා පොලිස් කමිටු හරහා ගොඩනඟාගෙන තිබෙන සහජීවනය හේතුවෙන් නැවත වතාවක් කිසිදු අවස්ථාවක ජාතීන් අතර අසමඟිය ඇති ‍නොවන බවයි.

වැඩසටහන් අවස්ථාවේදී පොලිස්පතිවරයා දෙමළ බසින් පැමිණ සිටි පිරිස ඇමතීද විශේෂත්වයක් වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka