gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රැග් කළොත් කියන්න අංකයක්- අහුවුණොත් 10කට ඇතුලේ

විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිදු කෙරෙන නවකවදය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පියවර ගණනාවක් ගෙන ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, නවක වදයට භාජනය වන සිසුන්ට ඒ සඳහා පැමිණිලි කිරීමට හදිසි දුරකතන අංකයක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශේෂ කාර්යාලයක් පිහිටුවා තිබේ.

නවක වද සිද්ධියක් වූ වහාම ඒ පිළිබඳව පැය 24
පුරාම පවත්වා ගෙන යන 011-2123700 දරණ හදිසි දුරකතන අංකයට දැනුම් දිය යුතු අතර ඒ ගැන විශ්වවිද්‍යාල බලධාරින් ද දැනුම්වත් කොට අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථානයටද පැමිණිලි කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ගේ ඉල්ලා සිටියි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිහිටුවා ඇති විශේෂ කාර්යාලය රජයේ නිවාඩු දින හැර අනෙකුත් දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘතව පවතියි.

නවක වද ක්‍රියාකාරකම් සම්බන්ධව 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා තහනම් කිරීමේ පනත බල පැවැත්වේ.

ඒ පනත යටතේ චෝදනා ලබන අයට ඇප ලබා ගැනීමට නොහැකි වන අතර අ‍ධිකරණයකදී වරදකරු වුවහොත් වසර 10 ක කාලයක් දක්වා බරපතළ වැඩ ඇතිව සිරදඩුවමකට යටත් කෙරේ.

ඒසේම විශ්ව විද්‍යාලය හා උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන තම දරු දැරියන් ගේ හැසිරිම් හා ක්‍රියාකාරම් පිළිබඳ සුපරික්ෂාකාරීව සිටින ලෙස ද ප්‍රතිපාදන කොමිෂන් සභාව අමාත්‍යාංශය එම සිසුන්ගේ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka