gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කරුණානිධි අවසන් ගමන් යයි… ආධාරකරුවන් කලබලකරතැයි ආරක්ෂාව තරකරයි

දකුණු ඉන්දීය දේශපාලනයේ වඩාත් ප්‍රබල චරිතයක්ව සිටි මුතුවේල් කරුණානිධි අවුරුදු 94ක් ආයු වළඳා සිය දිවි ගමනට සමුදී තිබේ.

චෙන්නායි නුවර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හෙතෙම වයස සමග ඇති වූ රෝග තත්ත්වයන් හේතුවෙන් දිවියෙන් සමුගත් බව ඉන්දීය මාධ්‍ය පවසයි.

වර්ෂ 1969 සිට 2011 දක්වා තමිල්නාඩු ප්‍රාන්තයේ
මහ ඇමති ධුරය පස් වතාවක් හොබවා ඇති එම්.කරුණානිධි, ද්‍රවිඩ මුනේත්‍ර කලහම් (ඩී.එම්.කේ.) පක්ෂයේ නායකයා ලෙස ප්‍රධාන දහරාවේ දේශපාලනය තුළද වඩාත් ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ චරිතයකි.

මේ අතර, ඔහුගේ වියෝව දරාගත නොහැකි ආධාරකරුවන් චෙන්නායි නුවර වීදිවලට රැස්වී සිටීම හේතුවෙන් ඇතිවිය හැකි කලහකාරී තත්ත්වයන් පාලනයට අමතර ආරක්ෂාව යෙදවීමට පොලීසිය කටයුතු කරමින් සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka