gossip lanka

පත්වීම් නොදුන්නට ගුරු හිඟය උපරිමයි

අවිධිමත් ආකාරයට ගුරුවරුන් ස්ථානගත කිරීම හා බඳවා ගැනීම නිසා පාසල් 3145ක ගුරුවරුන් දහදෙනකුට අඩුවෙන් සිටින බව මහ බැංකුව වර්තාවක දැක්වෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

මේ නිසා බස්නාහිර පළාතේ සිසු ගුරු අනුපාතය සිසුවකුට ගුරුවරුන් දහඅටක්ද රටේ පොදු සිසු ගුරු අනුපාතය සිසුන් 20කට ගුරුවරුන් එක් අයකු වශයෙන්ද වාර්තාවල සටහන් වෙයි. පාසල් 10,222ක
ගුරුවරු දෙලක්ෂ තිස් අටදහසක් ඇතැයිද ස්ටාලින් මහතා සඳහන් කරයි.

නිවැරැදි ගුරු තුලනයක් නොමැති නිසාත් දේශපාලන හිතවත්කම් මත ගුරු මාරු වීම් සහ උසස්වීම් ලබාදීම නිසා මෙම අසමතුලිතතාව ඇතිව ඇති බවත් ග්‍රාමීය පාසල් තුළ සෑම විෂයකටම ගුරු හිඟයක් ඇති බවත් හෙතෙම පවසයි.

මෑතකදී රජය මඟින් බඳවා ගත් විද්‍යාපීඨ ගුරුවරුන් 3290 දෙනාගෙන් 1900ක් ජාතික පාසල්වලට අනුයුක්ත කිරීම නිසා ජාතික පාස්වලත් ජනප්‍රිය පාසල්වලත් ගුරු අතිරික්තයක් ඇති බවත් ඊට වහාම විසඳුම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් දියත් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.



gossip lanka