gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැරණි මිලට භූමිතෙල් ඉල්ලා දේව කන්නලව්වක්

සුළු පන්න ධීවරයන් වෙත ලබාදුන් භුමිතෙල් සහනාධාරය ඉවත් කර පෙර  මිලටම  භූමිතෙල් ලබාදෙන ලෙස රජයට බල කිරිමේ සාකච්ජාවක් හා දේව කන්නලව්වක්  ඊයේ (23) උදෑසන උල්හිටියාව දේවස්ථාන භුමියේදි පැවැත්විණි.

භුමිතෙල් සහනාධාරය නිශ්චිත එකක් වුවත් මාළු අස්වැන්න සොයා මුහුදට යන සුළු පන්න ධීවරයන් මාළු ඉන්නා ඉසවුව සොයා යන මුහුදේ දුර නිශ්චිත එකක් නොවන නිසා  සුළු පන්න ධීවරයන්ට
සහනාධාරයට වඩා භුමිතෙල් සඳහා අධික වියදමක් දැරිමට සිදුවන බව ඔවුහු කියති.

ඒ  හෙයින්  මෙම  භුමිතෙල් සහනාධාරයට  වටිනාකමක් නොලැබෙන නිසා ධීවරයන්ට පෙර මිලටම  භූමිතෙල් ලබදෙන ලෙස ඔවුහු  ඉල්ලා සිටියහ.
                                             
මෙම අවස්ථාවට එක්ව සිටි උල්හිටියාව මීසම් පාලක බෙනට් සාන්ත පියතුමා හා වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එල්. බි අබේරත්න මහතා විසින් මෙම ධීවරයන්ගේ ගැටලු පිළිබඳව පළාත් ධීවර ඇමැතිවරයාට හා මධ්‍යම රජයේ ධීවර ඇමැතිවරයාට යොමුකර විසඳුමක් ලබාදීමට යොමු කරන බව කරුණු පැහැදිලි කිරිමෙන් පසුව මෙම විරෝධතා සාකච්ඡාව අවසන් විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka