gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගර්භනී ගුරුවරියන්ට පහසු ඇඳුමක් !

මෙරට පාසල් පද්ධතිය තුළ සේවය කරන  ගර්භණී ගුරුවරියන්ට රාජකාරී කටයුතු සඳහා පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබාදීමට පියවර ගෙන ඇත.

එහි සමාරම්භක ජාතික වැඩසටහන අද (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ගර්භණී ගුරුවරියන්ට ඉගැන්වීම් කාර්යයෙහි
නිරතවන විට පහසු ඇඳුමක් ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයා  දැනුවත් කර ඇති අතර මෙම පියවර ගෙන ඇත්තේ ඒ අනුවය.

පාසල් පද්ධතිය තුළ මේ වනවිට සිටින දෙලක්ෂ තිස්හයදහසක් පමණ වන ගුරුභවතුන් අතරින් 172000ක පමණ පිරිසක් ගුරුවරියන් වන අතර, වාර්ෂික ව ඔවුන් අතරින් 10000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රසූත නිවාඩු ගැනීමට යොමුවන බව සංඛ්‍යාත්මක දත්ත අනුව හෙළිවේ.

ඒ අනුව අද සිට පාසල් පද්ධතියේ සිටින සියලු ගර්භණී ගුරුවරියන්ට තම අවශ්‍යතා පරිදි මෙම සුවපහසු ඇඳුම භාවිත කිරීමට ඉඩ සලසා තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka