gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස් අත්අඩංගුවේ සිටි 12 හැවිරිදි දරුවකු අපයෝජනය කරලා

වැලිඔය පොලිසිය අත්අඩංගුවේ සිටි තමා එදින රාත්‍රීයේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින්  බරපතල ලෙස අපයෝජනය කළ බවත් එම තත්වය නිසා තමන් දැඩි වේදනාකාරි තත්වයක පසු වන බවත් 12 හැවිරිදි පිරිමි දරුවකු උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලනාධිකාරියට සහ පරිවාස නිළධාරීන්ට ප්‍රකාශ කර තිබේ.

දරුවා තවදුරටත් පරිවාස බලධාරීන්ට පවසා ඇත්තේ
තහඩු සොරකම් කිරීමේ  චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මගින් පසුගිය 08 දා අත් අඩංගුවට ගත් බවයි.

එසේ අත් අඩංගුවට ගෙන පසු දින (09) පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු තමා වැලිඔය  පොලිසිය තුළ රදවා තබා ගත් බවද ප්‍රකාශ කර ඇති  දරුවා එදින රාත්‍රීයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු  තමන් බරපතල ලෙස අපයෝජනය කළ බවද සදහන් කර ඇත.

වෙඩි තබා මරා දමන බවට තර්ජන කරලා :

තමන් අපයෝජනය කළ මෙම සිද්ධිය යමෙකුට කිව්වොත් වෙඩි තබා මරා දමන බවට තර්ජනය කරමින් බවද, දරුවා තවදුරටත් පරිවාස නිලධාරින්ට කියා ඇත.

 දරුවා උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් නිවාසයට යොමු කර ඇත්තේ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්  මනෝජ් ප්‍රභාකරන් මහතා පසුගිය 9 දා පදවිය  සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබා දුන් නියෝගයකට අනුවය.

පොලිස් නිලධාරියෙකු විසින් තමන් අපයෝජනය කරන ලද  බව දරුවා පරිවාස  නිලධාරින්ට පැවසීමෙන් අනතුරුව  වැඩිදුර විමර්ශන කටයුතු කටයුතු සඳහා පරිවාස නිලධාරීන් විසින්  නොපමාව දරුවා  අනුරාධපුර කොට්ටාස ළමා හා කාන්තා කාර්යංශයට බාර  දී තිබේ.

පසුව අනුරාධපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාගේ නියෝග මත අනුරාධපුර  කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා නිශානි සෙනවිරත්න මහත්මිය සිද්ධිය පිළිබඳව දරුවාගෙන් දීර්ඝව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

 අනතුරුව  දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා  හමුවට ඉදිරිපත් කර  ඇත.

වෛද්‍ය පරික්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සනාථ කර ඇත්තේ 12 හැවිරිදි මෙම පිරිමි දරුවා බරපතල ලිංගික අපයෝජනයකට ලක්  වී ඇති බවයි.

(උපාලි ආනන්ද)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka