gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් සභා ඡන්දය ගැන අගමැති ශ්‍රීලනිපයේ මතය විමසයි

පළාත් සභා මැතිවරණය පැවත්වීම සම්බන්ධව පක්ෂ නායක රැස්වීම්වලදී තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමුකළ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය විමසීමට අවශ්‍යයැයි එම අවස්ථාවලදී අගමැතිවරයා පවසන  බවත් කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (23) කීවේය.

මාස අටකින් පළාත් සභා තුනක මැතිවරණ පවත්වා නැති බවත්, ඉදිරි මාස හතර තුළදී තවත් පළාත් සභා
තුනක මැතිවරණ පැවැත්වීමට තිබෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළ අවස්ථාවේදී කථානායකවරයා මේ බව පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ පසුගිය මාස තුන පුරා පැවති පක්ෂ නායක රැසවීම්වලදී පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට තමන් නිතර අවධාරණය කළ බවයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවසානයෙදී සඳහන් කළේ ඉදිරියටත් අගමැතිවරයාට මතක් කිරීමේ කාර්යය කරන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

(අද)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka