gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙන්නප්පුවෙ පාසල්වලට තරු දාගන්න දුර්වලයන් ඉවත් කරයි

වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල්වල, සාමාන්‍ය පෙළ හදාරන නමුත් විෂයන්වලට දුර්වල දරුවන් එම විභාගයට ඉදිරිපත් නොකර වෘත්තීය පුහුණුවීම සඳහා යොමු කරන ලෙස පාසල්වලින් දෙමාපියන්ට බලපෑම් කරන බව දෙමාපියෝ පවසති.

එම පාසල්වල ප‍්‍රතිපල ප‍්‍රතිශත ඉහළ දැමීමේ උවමනාව හේතුවෙන් තම දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය මෙලෙස පාසල්වලින් උදුරා ගැනීම
තම දරුවන්ට කරන ලොකු අසාධාරණයක් බව ඔවුහු පවසති.

මෙම තත්ත්වය ප‍්‍රදේශයේ ඉහළ පාසල්වල මෙන්ම කුඩා පාසල්වලද  ක්‍රියාත්මක වන බවත් තම දරුවන් විෂයන් සඳහා දුර්වල නම් එම දරුවන් මඟහලා දැමීම පාසල් අධ්‍යාපනයට  කරන නිග්‍රහයක් බවද ඔවුහු පෙන්වා දෙති.

මේ නිසා තමන් මෙන්ම  දරුවන්ද විශාල මානසික පීඩනයකට ලක්ව සිටින බව පවසන දෙමාපියෝ මෙම තත්ත්වය සොයා බලන ලෙස අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිිටිති.                     

මේ සම්බන්ධයෙන්  වෙන්නප්පුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.සි. දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

"අපි පාසල් නොයන දරුවනුත් නිවෙස්වලට ගිහින් එම දරුවන් පාසල්වලට ගෙන්වා ගැනිමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරලා තියෙද්දී මේ ආකාරයෙන් යම් පාසලක මේ විදියට වැඩ කරනවා නම් ඒක ලොකු වැරැද්දක්. මොකද ප‍්‍රතිඵල ලේඛනයේ අසමත් ලකුණක් ගන්නත් සෑම දරුවෙකුට අයිතියක් තියෙනවා. ඒ නිසා කිසිම විදුහල්පතිවරයකුට හෝ ගුරුවරයකුට බෑ පාසල් යන කාලයේ දී වෘත්තිය පුහුණු වෙත යොමු වෙන්න කියලා උනන්දු කරවන්න හෝ බලපෑමක් කරන්න. එහෙම වෙනවා නම් අපි අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නවා".


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka