gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පියාගේ මරණයෙන් පසු ධනංජය සිල්වාගෙන් ක්‍රිකට් ලෝලීන්ට පණිවුඩයක්

ඊයේ රාත්‍රියේ රත්මලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ නාගරික මන්ත්‍රී රංජන් සිල්වා මහතාගේ පුතු වන ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පුද්ගලික කළමණාකරණ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් සිදු කොට තිබෙනවා.

සිය පියාගේ අවාසනාවන්ත මරණය පිළිබඳව මිතුරන්, ඇතුළු ලොව පුරා ක්‍රිකට් රසිකයින්ට
කණගාටුවෙන් යුතුව දැනුම් දෙන බව ධනංජය ද සිල්වා එහිදී සඳහන් කර ඇති අතර මෙම සියල්ලම සිදුවූයේ කොදෙව් සංචාරය සිදුවීමට නියමිතව තිබූ සන්ධ්‍යාවේ බවද ඔහු පවසනවා.

තම ආදරණීය මෑණියන් සහ පවුලේ හිතවතුන් වෙනුවෙන් සියලු දෙනාගේ යාඥාවන් ලබාදෙන්නැයිද ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළදී ඔහුට,සහ පවුලේ උදවියට කම්පනකාරි සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවත් මෙම කණගාටුදායක මොහොතේ ඔවුන්ගේ පෞද්ගලිකත්යට සියලු දෙනා ගරු කරනු ඇති බවත් එහි සඳහන්.

පියාගේ මරණය වෙනුවෙන් සංවේගය පලකරමින් පණිවුඩ එවූ සියලු දෙනාට සිය ස්තූතිය පළ කරන ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයටද සුභ පතා තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka