gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශීය ආදායම් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් SMS මගින් කරන ජාවාරමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනි සිටිමින් ව්‍යාපාරිකයන් ඇතුලූ බදු ගෙවන්නන්ගේ මුදල් වංචා කරන පුද්ගලයෙකු පිළිබඳ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබී තිබෙනවා. ඊ එම් ජේ බණ්ඩාර නැමැති මෙම පුද්ගලයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් විවිධ සහන සහ උදව් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයන් ඇතුලූ බදු ගෙවන්නන්ගෙන් මුදල්
ඉල්ලා සිටින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

අදාළ ව්‍යාපාරිකයන් සහ බදු ගෙවන්නන් වෙත එස් එම් එස් මගින් සිය බැංකු ගිණුම් අංකය යොමු කර ඊට මුදල් බැර කරන ලෙස එම පුද්ගලයා ඉල්ලා සිටින බවට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙනවා. මීගමුව ප‍්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ඉකුත් දින කිහිපයේදී ඔහු එලෙස මුදල් ඉල්ලා ඇති බවද වාර්තා වුණා. මෙම සිද්ධියට මුහුණ දුන් අයෙකු ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත කරුණු දැක්වූයේ මෙලෙසයි.

මෙම පුද්ගලයා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලබා සිටින අයෙකු බවද වැඩිදුරටත් වාර්තා වුණා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka