gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෝසි නෝනේ, කොළඹ වැසිකිළි හිරිකිතයි

කොළඹ නගර සභාවට අයත් පොදු වැසිකිළි 48 න් 24 ක්ම භාවිතයට අපහසු අපිරිසිදු මට්ටමේ ඒවා බව කොළඹ මහනගර සභාවේ කර්මාන්ත අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එම්.ඒ.සී.එල් පසාල් අප කළ විමසීමකදී කියා සිටියේය.

අනෙක් වැසිකිළි 24න් 18 ක් ඉතාම හොඳ තත්ත්වයේ ඒවා බවත් , සාමාන්‍ය තත්ත්වයේ වැසිකිළි 6ක් ඇති බවත්  ප්‍රකාශ කර සිටි ඒ මහතා බොරැල්ල ප්‍රදේශයේ පොදුවැසිකිළියක් ඉදිකිරීමට ඉඩමක් නොමැතිවීම
හේතුවෙන් එම නගරයේ පොදු වැසිකිළියක් නොමැති බවද පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අප කොළඹ නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්නගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ බහුතරයක් වැසිකිළි ඉතා හොඳ තත්ත්වයේ ඒවා බවත් අපිරිසිදු හෝ භාවිත කිරීමට නෙහැකි තත්ත්වයේ ඒවා වෙතොත් ඒ ගැන තමාට දැනුම් දුන් සැනින් ඒවා පිළිසකර කිරීමට කටයුතු කරන බවත්ය.

කොළඹ නගර සභාවේ පුරපතිනිය , රෝසි සේනානායක  මහත්මිය සිය නිල නිවසේ අලුත්වැඩියාවට මිලියන 5.2 ක් යොදවා ඇති අතර ඉන් මිලියන 1.3ක්ම නිල නිවසේ වැසිකිළි අලුත් වැඩියාවට යොදවා ඇති බව පසුගියදා අනාවරණය විය.

(රාවය)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka