gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවි ආයුධ නිෂ්පාදනාගාරයක් අරණායකින්

අරණායක පොලිසිය විසින් අවි ආයුධ නිෂ්පාදනාගාරයක් වටලා එහි ප‍්‍රධාන සැකකරු සහ අවි ආයුධ කිහිපයක් මෙන්ම ජීව උණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබේ.

අරණායක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජිව කීත්සිරි ගුණතිලක මහතා ඇතුළු නිලධාරින් 8 දෙනෙකු විසින් පැය 3 කට වැඩි
කාලයක සිට සිදු කරන ලද මෙහෙයුමකින් පසු මෙම වැටලීම සිදුකර ඇත.

මෙහිදි අත්අඩංගුවට පත් වුයේ වයස අවුරුදු 33 ක් වන සිව් දරු පියෙක් වන අරණායක වත්තේගෙදර මැරහේන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

තම නිවසේම ඉතා රහසිගත ලෙසින් මෙම කර්මාන්තය පවත්වාගෙන ගොස් තිබු අතර සැකකරු අත්අඩංගුවට පත් වු අවස්ථාවේ පතුරුම් තුවක්කු වල්ල කොටස් 1 යි, පතුරුම් හා ඉතිරි අත්ආවරණ කොටස් 2යි, බොර 12 එස්.ජි වර්ගයේ උණ්ඩ 3 යි, බොර 12 එස්.ජි වර්ගයේ නැවත පාවිච්යෙන් පසුව නැවත පුරවන ලද උණ්ඩ 1 යි, 5 සීරෝ වර්ගයේ ජීව උණ්ඩ 3 යි, එස්.එල්.ආර්. වර්ගයට අවත් ජීව උණ්ඩ 3 යි, 308 අංකය ඇති ජීව උණ්ඩ 1 යි, ටි56 උණ්ඩ 2යි, එස් 84 වර්ගය ජීව උණ්ඩ 1යි, 9 එම්.එම්. වර්ගයේ ජීව උන්ඩ 3යි, පාවිච්චි කර ඇති බොර 12 යේ පතුරුම් කොපු 12 ක් මෙහිදී සැකකරු සමග අත්අඩංගුවට පත් විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka