gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පරණ රත්තරන් සොයා පස් දෙනෙක් ගිහින්

ස්කෑනර් යන්ත්‍රයක් යොදා ගනිමින් වවුනියාව, පම්පමඩුව ප්‍රදේශයේ එල්.ටි. ටි.ඊ සංවිධානය යුධ සමයේ වළ දමා තිබෙන රත්තරන් සෙවීම සිදුකළ මුස්ලම් ජාතිකයින් පස් දෙනෙකු ඊයේ(24) සවස අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසයි.

ඒ අනුව  වවුනියාව,මැදවච්චිය, වත්තල,පුත්තලම ප්‍රදේ‍ශයේ පදිංචි වයස අවුරුදු 30 ත් 40 ත් අතර
පුද්ගලයින් පස් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් ස්කෑනර් යන්ත්‍රයක් යොදා ගනිමින් පම්පමඩුව ප්‍රදේශයේ පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක් පැවති ස්ථානයක් නිරීක්ෂණය කරමින් සිට ඇත.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් එල්. ටි. ටි.ඊ සංවිධානය යුද්ධය අවසන් කාලයේ එල්.ටි.ටි.ඊ කදවුරු ආසන්නයේ  රත්තරන්  වළ දමා ඇති බවට ලද තොරතුරක් මත අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීම සිදුකළ බවයි.

සැකකරුවන් සතුව තිබු පොළොව තුළ වළදමා තිබෙන රත්තරන් ඇතුළු ලෝහ සෙවීමට භාවිතා කරන ස්කෑනර් යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද(25) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මාධව කුලසූරිය -වවුනියාව  වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka