gossip lanka

ගුවන්විදුලිය සතු නුවරඑළියේ ඉඩම බලෙන් අල්ලයි !

නුවරඑළිය, අඹේවල පිහිටි ගුවන් විදුලි සංස්ථාවට අයත් ඉඩම බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බව වාර්තාවේ.

මෙහි ගුවන් විදුලි සංස්ථාවට අයත් මධ්‍යම විකාශනා මධ්‍යස්ථානය පවත්වා ගෙන යයි.

 මෙම ඉඩම අක්කර 35ක් පමණ විශාල වන අතර, අක්කර 25ක කොටසක් නුවරඑළිය දිස්ත්‍රික්කයටත්,
අක්කර 10ක ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයටත් අයත්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් හා නුවරඑළිය ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරු වන වන නාලක රත්නායක වෙත මෙම ඉඩමින් අක්කර 15ක පමණ ප්‍රමාණයක් පසුගිය වසර 10ක් තුළ බදු දී ඇති අතර, එම බදු ගිවිසුම මීට වසර දෙකකට පමණ පෙර අවසන් වී ඇත.

නැවත බදු ගිවිසුම අලුත් කිරීමකින් තොරව හා රජයට බදු ගෙවීමකින් තොරව ඔහු විසින් වෙනත් බාහිර පුද්ගලයින්ට රුපියල් මිලියන 15කට පමණ ඉඩමේ කොටස් වශයෙන් බදු දී ඇති බවද වාර්තා වේ.

බලහත්කාරයෙන් ඇතුල්වෙලා !

මේ අතර අඹේවල, මීපිලිමාන, ප්‍රදේශවල පුද්ගලයින් 100ක් පමණ පිරිසක් බලහත්කාරයෙන් මෙම ඉඩමට ඇතුල්වී අල්ලා ගෙන ඇති බව වාර්තා වන අතර, මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව එම පිරිස තාවකාළිකව ඉවත් කර ඇත.

පසුගිය චන්ද්‍රිකා මහත්මියගේ රජය යටතේ අක්කර 2600 භූමි ප්‍රමාණයක් හයිලන්ඩ් හා අඹේවල කිරි සමාගම් වලට මිලියන 1400 මුදලකට විකුණා දමා තිබිණ.

 මෙම ඉඩමෙන් අක්කර 400ක ප්‍රමාණයක් ඉඩම් නොමැති නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවීන් හට බෙදාදීමට වෙන්කරන ලෙස ඉල්ලීමක් කළත් එය පිළිබඳ නොසලකා මෙම ඉඩම් විකුණා දමා ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවුරුදු 20ක පමණ කාලයක් තුළ පැවැති රජයන් විසින් නිත්‍යනුකූල ලෙස ඉඩම් ලබාදී නොමැති බවද වාර්තාවේ.

(lankainformation)


gossip lanka