gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආපදා තත්ත්වය බලන්න ජනපති හලාවත යයි (photos)

අධික වැසි තත්ත්වයත් සමග සිදුවූ ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) පස්වරුවේ හලාවත ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

අවතැන්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා විපතට පත් ජනතාව
මුදා ගැනීමේ මෙහෙයුම් ද ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව විධිමත්ව ක්‍රියාවට නැංවීමට එහිදී උපදෙස් දී තිබේ.

ජල ගැලීම හේතුවෙන් ගිලා බැසීමට ලක්වූ මැදගොඩ පාලම ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් වූ අතර ඉන් අනතුරුව ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව රදවා සිටින නාත්තණ්ඩිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වෙත ද ගිය ජනාධිපතිවරයා එම ජනතාවගේ අඩු පාඩු පිළිබද සොයා බැලීය.

මේ අතර මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් හමුවූ ජනාධිපතිවරයා එම ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ පිළිබදව ද සොයා බැලීය.
චක්‍රලේඛ බාධාවක් කර ගන්න එපා :

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් තම ජීවනෝපාය මාර්ගවලට සිදුවූ හානි පිළිබඳව ද මෙහිදී ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ අතර තම ජීවනෝපාය මාර්ග නැවත ගොඩනගා ගැනීම වෙනුවෙන් සහනදායී වැඩපිළිවෙලක් යටතේ ණය මුදලක් ලබා ගැනීමට සහය වෙන ලෙස ඔවුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස  අදාළ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

ආපදාවට ලක්වූ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සහ රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල සේවකයින් වෙනුවෙන් විශේෂ සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ද උපදෙස් දී ඇති ජනාපතිවරයා සියලු සහන කටයුතු ක්‍රියාවට නැංවීමේදී කිසිවිටෙකත් චක්‍රලේඛ බාධාවක් කර නොගන්නා ලෙසත්, ජනතා අවශ්‍යතා අනුව එම තීන්දු තීරණ අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරින්ට දැනුම් දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka