gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝක වෙළදපලේ ඉන්ධන මිල පහතට

පසුගිය සතියට සාපේක්ෂව ලෝක ඉන්ධන වෙලදපලේ ඉන්ධන මිලෙහි පහත වැටීමක් මෙම සතිය තුල සිදුව තිබෙනවා. පසුගිය වසර 03 ට සාපේක්ෂව මෙම වර්ෂයේ පසුගිය මාස 02 ක තුල ඉන්ධන මිලෙහි කැපී පෙනෙන ඉහල යාමක් සිදුවුනා.

මෙම සතියේ දී අමෙරිකානු වෙළදපලේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩොලර් 65.60 දක්වා පහත වැටුනා. පසුගිය සතියේදී අමෙරිකානු වෙළදපලේ  ඉන්ධන බැරලයක මිල සටහන් වුයේ ඇ.ඩොලර් 73ක් වූ අතර මෙම සතියට සාපේක්ෂව එය 10% ක පහල යමක් විය.

ලෝක වෙළදපලේ මිල තීරණය කරනු ලබන බ්‍රෙන්ට් තැරැව්කාර වෙළදපලේ ඉන්ධන බැරලයක මිලද පසුගිය සතියට සාපේක්ෂව 6%ක මිල පහත වැටීමක් සිදුවූ අතර මෙම සතියේදී ඉන්ධන බැරලයක මිල ඇ.ඩොලර් 76ක් වූ අතර පසුගිය සතියේදී එය සටහන් වුනේ ඇ. ඩොලර් 80 ක් ලෙසයි.

මෙලෙස ඉන්ධන මිලෙහි පහත වැටීමක් සිදුවීමට මුලික කරුණ වුයේ බොරතෙල් නිෂ්පාදනය කරනු ලබන සෞදි අරාබිය ප්‍රමුඛ ඔපෙක් සංවිධානය සහ රුසියානු ඉන්ධන නිෂ්පාදන සමාගම් රුසියාවේදී පැවති සාකච්ජාවකදී ගනු ලැබූ තීරණයකින් පසුවය. ඒනම් සෞදි අරාබියේ බලශක්ති අමාත්‍ය කාලීඩ් අල් ෆාලි කියා සිටියේ ඉදිරියේදී ලෝක වෙළදපලට ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල් විසින් වැඩි ඉන්ධන ප්‍රමාණයක් සැපයීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කිරීමත් සමගයි. මීට පෙර ඔපෙක් සංවිධානය තීරණය කරනු ලැබුවේ තම රටවල ඉන්ධන නිෂ්පාදනය සහ වෙළදපල සැපයුම සිමා කිරීමටයි.

ඉරානයට අමෙරිකානු සම්බාධක පැනවීම හා වෙනිසියුලාවේ පවතින අභ්‍යන්තර ගැටළු කිහිපයක් හේතුවෙන් ලෝක වෙළදපලේ ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුනා.

ඉන්ධන මිල ඉහල යාම හේතුවෙන් ඉකුත්දා මෙරට ඉන්ධන මිල ගණන්ද ඉහළ දැමුනු අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ ඉදිරියේදී සෑම මාස දෙකකට වරක් ලෝක වෙළදපලේ ඉන්ධන මිලෙහි හැසිරීමට අනුව මෙරට ඉන්ධන මිලෙහි වෙනස් වීම සිදුකරන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka