gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වරායේ සිරවූ පණු ටින් මාළු වෙළෙඳපොළට නිකුත් වුණාද?

පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 74 ක් චීනයේ සිට කොළඹ වරායට පැමිණ ඇති අතර එය මෙරටට ඇතුළු කිරීම වළක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය කළ දැනුම් දීමද නොතකා එයින් කන්ටේනර් 6 ක් වරායෙන් නිදහස් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම පැවැසුවේ ජනතාවට අහිතකර දේවල් ජනතාවට නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන බවයි.

 පරිභෝජනයට නුසුදුසු ටින් මාළු කන්ටේනර් කිහිපයක් වරායට පැමිණ තිබුණද දැනට එය ගොඩබෑම නැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය. විවිධ පුද්ගලයන් මෙම කන්ටේනර් මෙරටට ඇතුළු කිරීමට උත්සාහ කළද මෙම නුසුදුසු ටින් මාළු මෙරට පරිභෝජනයට නිකුත් කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවද ඒ මහතා කීය. මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ හැකි වන්නේ මේවා වරායෙන් පිටතට ගැනීම වළක්වා ගැනීම පමණක් බවත් හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසුවේ පණුවන් සහිත මෙම ටින් මාළු කන්ටේනර් නිදහස් කරගැනීමට මේ වන විට සමාගම් සහ සමාගම්වල නීතිඥයන් දැඩි උත්සාහයක නිරත වන බවයි. ඒ පවතින නීතිමය කරුණත් මුල්කර ගනිමින් බව හෙතෙම කීය. උපුල් රෝහණ මහතා පැවැසුවේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති නියෝග හා ටින් මාළුවලට අදාළ ප්‍රමිති නියෝගවලට අනුව පණුවන් තිදෙනෙක් අඩංගු ටින් මාළු ආහාරයට ගත හැකිය යනුවෙන් එහි සඳහන් වන බවයි.

එම නියෝගය අන්තර්ජාතික ප්‍රමිති නියෝගවලද සඳහන් වන බව හෙතෙම කීය. ඒ අනුව ඔහු පැවැසුවේ පණුවන් තිදෙනෙකුට වඩා සිටියහොත් මෙය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවට එම ප්‍රමිති නියෝග අනුව සඳහන් කළ හැකි බවයි. මේ සඳහා රජය රස පරීක්ෂකවරයා මගින් පණුවන් තුනට වඩා සිටින්නේදැයි සහතික කරගත යුතු වන බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ වුවද නීතියේ පවතින හිඩැසක් හේතුවෙන් මෙම කන්ටේනර්වල තිබෙන ටින් මාළු රට තුළට පැමිණියහොත් ක්ෂේත්‍රය තුළ සියලුම ස්ථානවල සාම්පල් පරීක්ෂා කිරීමටත්, අදාළ නීතිමය  පියවර ගැනීමටත් කටයුතු කරන බව උපුල් රෝහණ මහතා පැවැසීය.

අන්තර්ජාතික ප්‍රමිති නියෝග සහ ලංකාවේ ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති නියෝග කෙසේ වුවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය ලබාදෙන විධිවිධාන මත ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka