gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්දෙ දාන්න රිසිට් පතක්

මේ දිනවල සිදුකරන නව ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධනනවලට අනුව ගෘහ මූලිකයන්ගේ සම්පූර්ණ කරන ලද පෝරම යළි භාර ගැනීමේදී ග්‍රාම නිලධාරීන් විසින් රිසිට්‌ පතක්‌ නිකුත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතට අනුව ග්‍රාම නිලධාරිවරයා හෝ විශේෂ ගණන් ගන්නා නිලධාරියා විසින් ගෘහ මූලිකයාගේ සම්පූර්ණ කරන ලද පෝරමය යළි ලබාදීමේදී රිසිට්‌ පතක්‌ නිකුත් කළ යුතු බව එම කොමිසමේ නිලධාරියෙක්‌ පැවැසීය.

නව ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය පසුගිය 15 වැනිදා ආරම්භ කර ඇති අතර ඒ යටතේ රට පුරා සියලු ගෘහ මූලිකයන් වෙත බී.සී. පෝරම නිකුත් කිරීම සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.

තමන් සම්පූර්ණ කරන ලද පෝරම යළි නිලධාරීන්ට භාරදීමේදී භාරගත් බවට රිසිට්‌ පතක්‌ ඉල්ලා සිටීමට නීතියෙන්ම ගෘහ මූලිකයාට හිමිකමක්‌ ඇති බවද හෙතෙම කියා සිටී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka